ප්‍රධාන පෙළේ පාසලක 03 ශ්‍රේණියේ සිසුවෙක් ගුරුවරයෙක්ගේ සුපිරි මෝටර් රථයට ගිනි තියයි
කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ සේවය කරන ගුරුවරයෙකුට අයත් පෞද්ගලික මෝටර් රථයකට, එම පාසලේම තෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් ගිනි තබා ඇති බවට අදාළ ගුරුවරයා විසින් බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ.
ඉකුත් 03 වැනිදා පාසලේ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව තමන් නැවත සිය වාහනය ගාල් කර තිබූ ස්ථානයට යන විට මෝටර් රථය ගිනි ගනිමින් තිබූ බව අදාළ ගුරුවරයා පවසයි.
මෙම සිදුවීමත් සමඟ පාසල් පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇත. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගුරුවරයා විසින් වහාම කුරුණෑගල පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වුවද, සිද්ධිය වී දින කිහිපයක් ගතවී ඇතත් තමන් ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව මෙතෙක් පොලිසිය විසින් කිසිදු නිසි ක්‍රියාමාර්ගයක් හෝ විධිමත් විමර්ශනයක් සිදුකර නොමැති බවට ද වින්දිත ගුරුවරයා දැඩි ලෙස චෝදනා කර සිටී.