මාලිමාවට බලය හිමි මීගමුවේ නගරාධිපති ඉල්ලා අස්වෙයි
ජාතික ජන බලවේගයට (NPP) බලය හිමි මීගමුව මහ නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.ඔහු මේ බව සඳහන් කරමින් ප්‍රකාශයක් ලබා දී ඇත.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අදාළ බලධාරීන් වෙත යොමු කර ඇති අතර, මෙම හදිසි ඉල්ලා අස්වීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත.
නගරාධිපතිවරයාගේ මෙම තීරණයත් සමඟ මීගමුව මහ නගර සභාවේ ඉදිරි පාලන කටයුතු සහ හිස්වන තනතුර සඳහා මීළඟට පත්කරන පුද්ගලයා පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.