හෙට සිට 20 වන දින දක්වා විශේෂ සතියක් ප්‍රකාශයට - මේ ආයතන, දෙමාපියන් සහ ගුරුවරුන්ට වලංගු බව දන්වයි [VIDEO]

Report

අද (13) දින මුල් ළමාවිය ජාතික සතිය සැමරීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතුණා.

ඒ සඳහා එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ මුල් ළමා විය හා රැකවරණය පිළිබඳව ජාතික සතිය හෙටින් ඇරඹෙන බවයි. ඒ අනුව එය 14 වන දා සිට 20 වනදා දක්වා වූ සතියක කාලයක් පැවැත් වීමට නියමිතයි.

එහිදී ඇය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ,

පෙර පාසල් දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයෙනුත් විශේෂ දැනුම්දීමක් - ඉදිරි සති දෙක විශේෂයි

පෙර පාසල් දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයෙනුත් විශේෂ දැනුම්දීමක් - ඉදිරි සති දෙක විශේෂයි

" ශාරීරික මනෝ සමාජයීය සහ බුද්ධිමය සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකීය මුල් ළමා වියේ දරු පරපුරක් බිහිකිරීමේ අරමුණෙන් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය සඳහා වන වැඩසටහන් හෙට දිනයේ සිට, 14 වන දා සිට 20 වනදා දක්වා වූ සතියක කාලයක් මුල් ළමාවිය සංවර්ධනය හා රැකවරණය සතිය පිළිබඳව ජාතික සතිය තුළ ක්‍රියාත්මක වනවා. මුල්ම වරට මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ලංකාවේ ආරම්භ කරලා තියෙන්නෙ 2016 වර්ෂයේ ඉඳලා එතැන් පටන් මේ වනතුරු මෙන්න මේ මුල් ළමාවිය ජාතික සතිය ක්‍රියාත්මක කරද්දී මේ අවුරුද්දේ 2026 දි "විකසිත වන ළමා ලොවට හිරු කිරණකි සොඳුරු පවුල" කියන තේමාව පදනම් කර ගෙන මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරලා තිබෙනවා.. 14 වෙනිදා සිට හෙට මුල් ළමාවිය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන රාජ්‍ය ආයතන ඒවගේම පෞද්ගලික ආයතන සියලූම ප්‍රතිපත්ති සම්පාදකයන් සඳහා අපි වැඩසටහන් තියෙනවා. ඒවගෙම 15 වෙනිදා මුල් ළමා විය දරුවන් සඳහාත් 16 වෙනිදා මුල් ළමා වියට සම්බන්ධ වන ගුරුවරුන් සඳහාත් ඒ වගේම 17 වනදා මුල් ළමා විය සම්බන්ධයෙන් කටයුතු කරන සියලු කණ්ඩායම් දැනුවත් කිරීම්, 18 වනදා දෙමව්පියන් සඳහා, 19 වනිදා තරුණ කණ්ඩායම් හා නව විවාහපත් කණ්ඩායම් සඳහා 20 වැනි දින මුල් ළමා විය සම්බන්ධ ආදර්ශන ගම්මාන ව්‍යාපෘතියෙන් අපි අවසන් කරනවා. මේ විදිහට අඛණ්ඩව වැඩසටහන් මාලාවක් සංවිධානය කරලා තියෙනවා.."  

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

අනේ මගේ පුතේ.. ඒ අම්මගේ වේදනාව මොහොතකට හරි ඇහුවා නම්.. මවගේ විලාප මැද LIVE ඇවිත් සියදිවිනසා ගත් වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

අනේ මගේ පුතේ.. ඒ අම්මගේ වේදනාව මොහොතකට හරි ඇහුවා නම්.. මවගේ විලාප මැද LIVE ඇවිත් සියදිවිනසා ගත් වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

උසස් පෙළ සමත් ඔයාට සුබ ආරංචියක් - විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ සමත් ඔයාට සුබ ආරංචියක් - විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්