ජාතික හැඳුනුම්පත් නොමැති සා. පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට දැනුම්දීමක් - විභහගයට අයදුම් කිරීමේ වෙනසක්
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂිත, එහෙත් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට තම භාරකරුගේ හැඳුනුම්පත් අංකය භාවිතයෙන් විභාගය සඳහා ලියාපදිංචි විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (15) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් අයදුම්කරුවන් සඳහා ද ඊට අදාළ විශේෂ උපදෙස් මාලාවක් මේ වන විටත් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බවය.
විභහග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගෙන් වහාම අයදුම්පත් කැදවයි 28 දක්වා වලංගුයි
ඒ අනුව මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබා ගෙන නොමැති අයදුම්කරුවන්හට නියමිත දිනට පෙර විභාගය සඳහා අයදුම් කිරීමට ජාතික හැඳුනුම්පත ලබාගෙන නොතිබීම බාධාවක් නොවන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.
2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ජූලි මස 23 වැනිදා දක්වා මාර්ගගතව සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව ඉකුත් ජූලි 3 වැනිදා නිවේදනය මඟින් දැනුම් දෙනු ලැබීය.
එම නිවේදනයට අනුව අයදුම්පත් කැඳවන දින වනවිටත් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති පාසල් අයදුම්කරුවන් සඳහා විභාගයට අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස් පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇත.
ඊට අනුව ජාතික හැඳුනුම්පත් නොමැති පෞද්ගලික අයදුම්කරුවන් සඳහා තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කර ලියාපදිංචි වීමෙන් අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබේ.
එබැවින් සියලුම අයදුම්කරුවන් විභාග නිවේදනයේ ලබා දී ඇති උපදෙස් පරිදි 2026 ජූලි 23 දිනට පෙර විභාගය සඳහා අයදුම් කළ යුතු අතර, කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 1911 දරන ක්ෂණික දුරකථන අංකයෙන් මෙන්ම 0112784537, 0112786616, 0112784208 යන අංකවලින් හා 0112784422 දරන ෆැක්ස් අංකයෙන් විමසිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.