ඉන්දියාව කැනඩාවට සිදුකළ බරපතළ තරවටුව

By Sewvandhi Oct 03, 2023 09:34 AM GMT
Report

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ, ඉන්දියාව ට අනුයුක්ත කර ඇති කැනඩා තානාපති නිලධාරීන් 41 දෙනෙක්ව නැවත ගෙන්වා ගන්නා ලෙස ඉන්දීය බලධාරීන් කැනඩාවට දැනුම්දී ඇති බවයි.

අදාළ තානාපති නිලධාරීන්ව ඔක්තෝබර් 10 වනදා වනවිට නැවත කැඳවා ගන්නා ලෙස දැනුම්දී ඇති බවයි, ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ.

කැනඩාව චෝදනා කළේ, කැනඩාවේ ජීවත් වූ සික් බෙදුම්වාදී නායකයෙක් ලෙස සැලකෙන හර්දීප් සිං නජ්ජාර් පසුගිය ජූනි මාසයේදී කැනඩාවේදී ඝාතනය කර තිබූ අතර ඊට ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ බවටය.

නමුත් ඉන්දියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. දෙරට අතර එම මත ගැටුම මේ වනවිට උත්සන්න වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එම තානාපති නිලධාරීන් 41 දෙනාගෙන් යමෙක් ඔක්තෝබර් 10 වනදායින් පසුව ඉන්දියාවේ රැඳී සිටියහොත් ඔවුන්ගේ තානාපති වරප්‍රසාද අහිමි කරන බවට ඉන්දියාව අනතුරු අඟවා තිබේ.

රන් ආකරයක් කඩා වැටේ - 10ක් ජිවිතක්ෂයට

රන් ආකරයක් කඩා වැටේ - 10ක් ජිවිතක්ෂයට