තම පදවිප්‍රාප්තය සැමරීමට ජනපති රනිල්ගෙන් විරෝධතා.
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
By Wayomi
ජනාධිපති ධූරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, පදවිප්‍රප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශව වලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව ලබන 20 දාට වර්ෂයක් සම්පූර්ණ වෙනවා.
2022 ජුලි මස 20 දින පාර්ලිමේන්තුවේ ඡන්ද 134 ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වූ අතර එදිනට පසු දින එනම් ජුලි 21 වැනිදා ඔහු පාර්ලිමේන්තුවේදී 8 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබුවා.