හිටපු අගමැති ඉම්රාන් ඛාන් පොට්ට වෙයි..? පක්ෂයත් අනතුරු අඟවයි

Report

සිරගතව සිටින පකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ දකුණු ඇසේ දෘෂ්ටි විතානයේ නහරයක බරපතල අවහිරතාවයක් ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති අතර, නිසි ප්‍රතිකාර නොලැබුණහොත් එම ඇසේ පෙනීම ස්ථිරවම අහිමි විය හැකි බව පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය අනතුරු ඇඟවා තිබේ.

PTI පක්ෂයේ නිල ප්‍රකාශයකට අනුව, බන්ධනාගාරය තුළදී ඔහුව පරීක්ෂා කළ වෛද්‍ය විශේෂඥයින් මෙය අතිශය සංවේදී හා බරපතල තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇති අතර, හුදෙකලා සිර කඳවුරේ නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ විශේෂඥ වෛද්‍යවරුන්ට ප්‍රවේශය ලබා නොදීම හේතුවෙන් තත්ත්වය උග්‍ර වී ඇති බව පෙන්වා දී තිබේ.

ස්ටෙෆනි ගැන ඇරුණු කටවහල් වහන්න බන්ධනාගාරයෙන්ම නිල ප්‍රකාශයක් - පත් කරපු ඇත්තම හේතුව මෙන්න

ස්ටෙෆනි ගැන ඇරුණු කටවහල් වහන්න බන්ධනාගාරයෙන්ම නිල ප්‍රකාශයක් - පත් කරපු ඇත්තම හේතුව මෙන්න

73 හැවිරිදි ඉම්රාන් ඛාන් මහතා 2023 අගෝස්තු මාසයේ සිට අධිකරණ නියෝගයන් තිබියදී පවා බන්ධනාගාරයේ හුදෙකලාව සිටින අතර, පවුලේ සාමාජිකයින්ට හෝ වෛද්‍යවරුන්ට ඔහු හමුවීමට අවස්ථාව ලැබී නොමැත. මීට පෙර ඔහු මිය ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල පැතිරුණු බරපතල සැක සංකාද පැවතිණි.

PTI පක්ෂය මේ වන විට ඉම්රාන් ඛාන් මහතාට වහාම විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට හා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට අවස්ථාව සලසා දෙන ලෙස පකිස්තාන රජයෙන් ඉල්ලා සිටින අතර, ඔහුගේ ජීවිතයට හා දෘෂ්ටියට තර්ජනයක් එල්ල වී ඇති බව අවධාරණය කර තිබේ.

මෙම තත්ත්වය පකිස්තානය තුළ දේශපාලන සිරකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් හා බන්ධනාගාර තුළ වෛද්‍ය ප්‍රතිකාර ලැබීමේ අයිතිය පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින්ද අවධානය යොමු වී ඇත. PTI පක්ෂය මෙය මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසද හඳුන්වා තිබේ.

රාජ්‍ය සේවකයන්ට රතු එළියක් - වැඩේ කරනවනම් හරියට කරන්න නැත්නම් යන්නත් පුළුවන්

රාජ්‍ය සේවකයන්ට රතු එළියක් - වැඩේ කරනවනම් හරියට කරන්න නැත්නම් යන්නත් පුළුවන්