ඉම්රාන් ඛාන්ගේ නිවස පොලීසිය වටලයි

By Sithumi Mar 05, 2023 11:23 AM GMT
Report

 පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිහිටි, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නිවසට පොලීසිය ඇතුළු වී තිබෙනවා. ඒ ඔහුව අත්අඩංගුවට ගැනීම සදහායි.

පසුගිය පෙබරවාරි 28 වන දින ත්‍යාග නීතිවිරෝධී ලෙස මිලදී ගැනීම සහ විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් අධිකරණය හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුක් තරනු ලැබීය.

ඒ අනුව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන් ඔහුගේ ලාහෝර් නගරයේ පිහිටි නිවස වෙත ඇතුළු වී තිබේ.

හිටපු අග්‍රමාත්‍යවරයාගේ දේශපාලන පාක්ෂිකයන් එම ස්ථානයේ එක් රැස්වී පොලිස් නිලධාරීන් හට නිවසට ඇතුළුවීමට ඉඩ ලබානොදීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා නිවසේ සිටිද යන්න සම්බන්යෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now