ඉම්රාන් ඛාන්ගේ සෙක්ස් චැට් එකක් එළියට එයි - කාන්තාවකගේ ශාරීරික අංගවල වේදනාවලුත් ඒ අතර..

By krishani Dec 21, 2022 05:24 AM GMT
Report

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් කාන්තාවන් දෙදෙනෙකු සමඟ කරන ලද ලිංගික ඇමතුම් යැයි කියනු ලබන ශ්‍රව්‍ය පට කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ඒ සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ගේ පාර්ශවයේ ප්‍රතිචාරය වන්නේ එම හඬපට ව්‍යාජ ඒවා බවත් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ චරිතය ඝාතනය කිරීමට ගන්නා තවත් උත්සාහයක් බවය.

එම හඬ පට මාධ්‍යවේදියෙකු වන සයිඩ් අලි හයිඩර් විසින් ඔහුගේ යූ ටියුබ් නාලිකාවට උඩුගත කර ඇති අතර තවමත් එම හඬපට එම නාලිකාවේ පවතින බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එම හඬපට අතරින් එහි මුෂාරෆ් සම්බන්ධයෙන් එන සංවාදයක් ඇති හෙයින්, එම හඬ පට 2008-09 දක්වා දිවෙන ඒවා වන අතර අනෙක් හඬපටය මෑතකාලීන එකක් යැයි විශ්වාස කෙරෙන නිර්නාමික කාන්තාවකගේ පුද්ගලික ශාරීරික අංගවල වේදනාවක් පිළිබඳව සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join