ආනයනික සහල්වල බැර ලෝහ තිබේ ද යන්න කළ පරීක්ෂණයෙන් තහවුරු වූ දේ..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Oct 03, 2022 04:01 AM GMT
krishani

krishani

Report

ලංකාව ආනයනය කරන ලද සහල්වල බැරලෝහ අඩංගු නොවන බව සාම්පල් පරික්ෂාවේ දී තහවුරු වී ඇත.

ඒ ආනයනික සහල් තොගවලින් ලබාගත් සාම්පල 275 ක් පරික්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව බවත් ඒ වරායේ තිබූ බහාලුම්වලින් සහ වරායෙන් නිදහස් කර තිබූ ආනයනික සහල් තොගවලින් මෙම සාම්පල ලබාගෙන තිබු බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ආනයනික සහල් වල බැරලෝහ ඇති බවට පසුගියදා දැඩි කතාබහක් ඇති වූ අතර මෙම තත්වය මත ආනයනික සහල්වල බැරලෝහ අඩංගු දැයි පරීක්ෂා කිරීම සඳහා ලබාගත් සාම්පල ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෙරට පෞද්ගලික රසායනාගාරයක් වෙත යොමුකර කෙරිණ.

ඉන් හෙළි වී ඇත්තේ මෙරටට ගෙන් වූ සහල්වල බැරලෝහ අඩංගු නොවන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join