දූෂණ විරෝධි පනතේ වැදගත්කම මෙන්න
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අවධාරණය කරන්නේ, සමස්ත රටේම අපේක්ෂාවක් වූ දුෂණ විරෝධී පනත යටපත් කිරීමට යම් බලවේගයක් උත්සාහ දරන්නේ නම්, එම බලවේගය ජනතාව ගෙන් ප්‍රතික්ෂේප වන බවයි.
එතුමා වැඩිදුරටත් සදහන් කරන්නේ, රාජ්‍ය අංශය තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මේ වන විට ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතින බවයි.
එමෙන්ම, නව පනත හරහා එම කටයුතු වඩාත් විධිමත් වන බවත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අවධාරණය කරනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමින් එතුමා මේ බව සදහන් කළා.
අල්ලස හා දූෂණය සටන් පාඨයක් කර ගැනීමට ඉඩ නොතබා ඒවා මර්දනය කිරීම පිණිස මෙවලමක් ලෙස දූෂණ විරෝධී පනත ගෙනවිත් තිබෙන බවත් නව දූෂණ විරෝධි පනත හරහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පූර්ණ ස්වාධීනත්වය තහවුරු වන බවත් සරත් ජයමාන්න මහතා පෙන්වා දෙයි.