මෙන්න මේ වාහනයක් ඔයාගෙම කරගන්න ද හීන දැක්කේ?. වාහන ගැන කළ අලුත්ම දැනුම්දීමක් මෙන්න.

Report

ලංකා රජය විසින් වාහන ආනයනය කිරීමට යළි අවසර ලබා දුන්න ද එම අවසරය ලැබෙන දිනයේ සිට වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලක් ගතවිය හැකි බව ජපානයේ වාහන අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා සඳහන් කළේ ය.

මෙන්න මේ වාහනයක් ඔයාගෙම කරගන්න ද හීන දැක්කේ?. වාහන ගැන කළ අලුත්ම දැනුම්දීමක් මෙන්න. | Import Of Japanese Vehicles

මෙම තත්ත්වයට හේතුව ශ්‍රී ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ජපාන බැංකු පද්ධතිය වෙත මේවන විටත් උපදෙස් ලැබී ඇති නිසා එම තීරණය ආපසු හැරවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවිය හැකි බවයි.

ඒ, හේතුවෙන් යළි ජපානයෙන් වාහන ගෙන්වීමේ දී සැලකිය යුතු කාලක් ගතවිය හැකි බව ඒ මහතා කියා සිටියේ ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ශ්‍රී ලංකා රජය ජපාන බැංකු පද්ධතිය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

මේ නිසා මේවන විට ජපානයේ බැංකුවලින් පහසුවෙන් මුදල් නිදහස් කරගැනීමට නොහැකි වේ.

ශ්‍රී ලංකාව හෙට යළි වාහන ගෙන්වීම සඳහා අවසර ලබා දුන්නත් මෙම ණයවර ලිපි ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට නිල වශයෙන් එම බැංකු පද්ධතිය දැනුවත් කළ යුතුය.

මේ සඳහා යම් කාලයක් ගතවන බැවින් ඉක්මනින් යළි වාහන ගෙන්වීමේ හැකියාවක් නැහැ."

එමෙන්ම, ශ්‍රී ලංකාවේ බොහෝ නීති රීති පැය 24ක් තුළ වෙනස් කෙරෙන බවත් එවැනි තත්වයන් තුළ මෙවැනි ව්‍යාපාරවල දී බොහෝ අසීරුතා පැන නගින බවත් ඒ මහතා පැවසීය.

හෙට කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.. හෙටින් පස්සෙ ආයෙත් මොකක් වේවි ද?.

හෙට කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.. හෙටින් පස්සෙ ආයෙත් මොකක් වේවි ද?.


යම් නීතියක් වෙනස් කරන්නේ නම් අද මධ්‍යම රාත්‍රී 12 සිට නොමැතිව යම් නිශ්චිත කාලවකවානුවක් ලබාදී එය සිදු කළ යුතු බව ඔහුගේ අදහස විය.

තව ද සභාපතිවරයා කියා සිටියේ, මෙසේ කඩිනම් නීති වෙනස් කිරීම තුළින් පුද්ගලයන් අපහසුතාවයට පත් වන බවත් මීට වසර හතරකට පෙර ද මෙසේ වාහන ගෙන්වීම නතර කළ අතර එහිදී ණයවර ලිපි විවෘත කර මුදල් ගෙවා තිබු පුද්ගලයන් ගණනාවකගේ වාහන ලංකාවට එවූව ද එම වාහන වසර හතරක් පුරා හම්බන්තොට වාරයේ ගොඩ ගසා තිබු බවත් මෑතකදී එම වාහන නිදහස් කිරීම සිදු කරනු ලැබු බවත් ය.

ඉතුරුම් පොලී අනුපාතවලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න..

ඉතුරුම් පොලී අනුපාතවලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වර්තමාන වනවිට වාහන ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් උචිත  බවයි.