අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුත් මුදල් නෝට්ටු නිකුත් කරන හැටි අගමැතිනිය කිවුවේ මෙහෙමයි.
ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුත් මුදල් නෝට්ටු පැමිණිය හැකි බව අගමැතිණී හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඇය මේ බව සඳහන් කළේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී.
එහිදී අගමැතිණිය කියා සිටියේ, සාමාන්‍යයෙන් භාවිතයට ගත නොහැකි පැරණි මුදල් නෝට්ටු වෙනුවට අලුත් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම මහ බැංකුවෙන් සිදුවෙන බවත් එහිදී එම අලුතින් මුද්‍රණය කරන මුදල් නෝට්ටුවල වත්මන් ජනාධිපතිවරයාගේ අත්සන සහිතව නිකුත් කෙරෙන බවයි.
එමෙන්ම එය සාමාන්‍ය ක්‍රියාවලියක් බවද අගමැතිණිය සඳහන් කළා.