IMF එකෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක ආරංචියක්..

Sri Lanka IMF Sri Lanka
By Aruna Feb 18, 2023 03:19 AM GMT
Aruna

Aruna

Report

චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට යෝජිත ණය අනුමත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ශ්‍රී ලංකාවට ණය සහනය ලබා දීම සඳහා බාධාවක් වී ඇති එකම පූර්ව අවශ්‍යතාව ලෙස චීනයේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සහතිකය හඳුනාගෙන ඇති බව එම අරමුදල උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

වි‍ශේෂිත ක්‍රමවේදයක් යටතේ අදාළ ණය සහනය අනුමත කිරීමට අපේක්ෂා කරන බවද මුල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් තවදුරටත් කටයුතු කරන අතර ඒ සඳහා මූල්‍ය අරමුදලේ සහයෝගය ද ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

මේ වන වටත් ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමි පාර්ශව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබා දී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now