ජෝර්ජියේවා පෙබරවාරියේ ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය එළඹෙන පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව එම අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පෙරේදා (28) පැවති හමුවකදී මෙම තොරතුරු ඔහු හෙළි කළේය. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රගතිය හා සාර්ථකත්වය සමාලෝචනය කිරීම සහ රටට තවදුරටත් සහාය ප්‍රකාශ කිරීම බව ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව 2022 වසරේ ආර්ථික අර්බුදය හමුවේ IMF සමඟ Extended Fund Facility (EFF) වැඩසටහනකට එක්වූ අතර, එය මේ වන විට දෙවන වසරට පිවිස ඇත. මෑතකදී පැවති IMF හි සමාලෝචනවලදී රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිගෙන තිබුණද, තවමත් බදු ප්‍රතිසංස්කරණ, රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම, බැංකු ප්‍රතිසංස්කරණ ආදිය තුළ ඉතිරිව ඇති කාර්යයන් සම්පූර්ණ කිරීමට අවධානය යොමු වී තිබේ.
ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මියගේ මෙම සංචාරය ශ්‍රී ලංකා රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ මාවතේ තවත් වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, එය ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට බලපෑම් ඇති කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.