සමාජ මාධ්‍ය කැළඹූ පොලිස් ලොක්කාගේ වීඩියෝව..සියලු විස්තර මෙන්න..(VIDEO)

sri lanka OIC Imaduva South Highway Trafic rules
By Sewvandhi Jan 11, 2022 03:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේ දී බීමත් රියදුරෙකු මුදා හැරීමට පොලීසියට බලපෑම් සිදු කිරීමේ සිද්ධියක් සමග එහි වීඩියෝ පටයක් නිකුත් වී තිබෙනවා.

මෙම අවස්ථාවේ දී අධිවේගී මාර්ග කොට්ඨාසයේ රථවාහන අංශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීම සඳහා Cae0075 දරණ මෝටර් රථය නවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී එය පදවාගෙන ආ රියදුරු අසුනේ සිටි පුද්ගලයා සඳහන් කර ඇත්තේ, තමන් "චමිල" නමැති පොලිස් ස්ථානාධිපතිවරයෙකු සමග මත්පැන් පානය කර යළි පැමිණෙන බවය.

අනතුරුව අධිවේගී මාර්ග කොට්ඨාසයේ නිලධාරින් විසින් ඉමදූව පොලිස් ස්ථානාධිපතිවරයාව දූරකථනයෙන් සම්බන්ධ කරගෙන තිබෙනවා.

එහිදී, රථය පදවාගෙන ආ තැනැත්තා සමග ඉමදූව පොලිස් ස්ථානාධිපතිවරයා දූරකථනයෙන් කතා කර අතර, එම අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා විසින් අදාළ පොලිස් නිලධාරියාගේ නම විමසා පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ස්ථානාධිපතිවරයා නියෝග කර ඇත්තේ අදාළ රියදුරු අසුනේ සිටි තැනැත්තා මුදා හැරීමට කටයුතු කරන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now