ප්‍රභල ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි..!

Report

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් සමුගැනීමට තීරණය කර තිබේ.

තමාට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සුදුසුම කාලය මෙය වන බවයි, සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ.

ඉමාඩ් වසීම් පාකිස්තානය වෙනුවෙන්,  වමත් දඟපන්දු යවන්නෙකු ලෙස සහ මැදපෙළ පිතිකරුවෙකු ලෙස එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 66ක් ක්‍රීඩාකර ඇත.

ප්‍රභල ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි..! | Imad Vaseema Pakistan Cricketer

මේ වසරේ අප්‍රේල් මාසයේ දී නවසීලන්තයට එරෙහි තරගාවලියේ දී ඔහු අවසන් වරට පාකිස්තානය නියෝජනය කර තිබිණි.

34 වැනි වියෙහි පසු වන ඉමාඩ් වසීම් එක්දින තරගවල දී කඩුලු 44ක් සහ ලකුණු 986ක් ලබාගෙන ඇති අතර, විස්සයි විස්ස තරගවල දී කඩුලු 65ක් සහ ලකුණු 486ක් රැස් කරගෙන තිබේ.