ඉන්දියානුවන් පිරිසකට ලංකාවේ පොලිසිය කරපු දේ මෙන්න

Report

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (10) පස්වරුවේ කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් රාජගිරිය ප්‍රදේශයේ කාර්යාල සංකීර්ණයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඉන්දීය ජාතිකයන් මීට මාස 03කට පමණ පෙර මෙරටට පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් 17 දෙනෙකු පැමිණ ඇත්තේ සංචාරක වීසා මතය.

සෙසු පිරිසෙන් 4 දෙනෙකු නේවාසික වීසා බලපත්‍ර යටතේ ද, එක් අයෙකු ව්‍යාපාර වීසා බලපත්‍ර යටතේ ද මෙරටට පැමිණ ඇත.

මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන්නේ, සැකකටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් හදිසියේ සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත් තොරතුරු මතයි.

මොවුන් වයස අවුරුදු 25ත් – 35ත් අතර පසුවන්නන්ය. අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් පිරිස මේ වනවිට වැළිසර පිහිටි තාවකාලික රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටින අතර, ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල්කිරීමට නියමිතව ඇත.

උත්සව සමයේ කූට වෙළඳුන්ට වැඩ වරදී

උත්සව සමයේ කූට වෙළඳුන්ට වැඩ වරදී

දෙදරු පියාගේ ඇටසැකිලි හමුවුණු තැන

දෙදරු පියාගේ ඇටසැකිලි හමුවුණු තැන