දෙදරු පියාගේ ඇටසැකිලි හමුවුණු තැන

Humanite Sri Lanka Death
By Zara Apr 10, 2025 02:30 PM GMT
Zara

Zara

Report

මැදවච්චිය කොලික්කඩ වයස අවුරුදු 35ක (දෙදරු පියකු ) තරුණයකු මාර්තු මස 21 උදෑසන සිට අතුරුදහන් වී ඇති බැවින් අප්‍රේල් 02 දින ඔහුගේ බිරිඳ විසින් මැදවච්චිය පොලිසියට දැනුම්දී තිබෙනවා.

අනතුරුව ඔයාමඩුව – නොච්චියාගම මාරගයේ දුනුමඩලාව රක්ෂිතයේ තිබී මිය ගිය තරුණයාගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කීපයක් පොලිසිය සොයා ගැනුනා. පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව එම නිලධාරින් හා අනුරාධපුර අපරාධ අංශයේ හා අනුරාධපුර පොලිස් කොට්ඨාශ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම විමර්ශන කිදු කරනු ලබයි.

මරණයට පත් මෙම තරුණයා මෙම සැකකරුවන් සිටින ස්ථානයට ගෙන්වාගෙන කුලි පදනම මත ලබාගත් මෝටර් රථයකින් ලෝළුගස්වැව ප්‍රදේශයේ ලැගුම් හලකට ගෙන ගොස් ඝාතනය කිරීමෙන් පසුව ඔයාමඩුව , දුනු මඩලාව ප්‍රදේශයේ රක්ෂිතයට ගෙනගොස් ගිනි තබා ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසන අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

තිස්ස කුට්ටිආරච්චි ආණ්ඩුවට දෙහිි කපයි

තිස්ස කුට්ටිආරච්චි ආණ්ඩුවට දෙහිි කපයි

මෙරට සියලුම කර්මාන්තවලට එල්ල වෙන බලපෑම - කියන විදිහට ඔක්කොම වැහෙයිද?

මෙරට සියලුම කර්මාන්තවලට එල්ල වෙන බලපෑම - කියන විදිහට ඔක්කොම වැහෙයිද?

ReeCha