ප්‍රචාරය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලි කිරීමක්
නීති විරෝධී ආකාරයට මෙරටට ආනයනය කරන ලද අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි ගෙන්වීම සහ ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ කුරුළු උයනක හිමිකරුට හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු දෙකක් ගොනු කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය ඊයේ (06) දින පියවර ගෙන ඇත.
ඒ, චිත්තිකරුවන්ට නීති විරෝධී ආකාරයට මෙරටට යතුරුපැදි ආනයනය කිරීම සම්බන්ධයෙන් රේගු ආඥා පනතේ ප්‍රතිපාදන අනුවත්, ගංජා ලග තබා ගැනීම සම්බන්ධයෙන් වෙනම නඩුකරයකින් නඩු කටයුතු පවත්වා ගෙන යාමටත් වශයෙන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
රටේ භාණ්ඩාගාරය බරපතළ අර්බුදයක - එක දිගට වෙන මූල්‍ය ගැටලු මැද මැයි අස්වැසුම නැවත අය කළොත් තත්ත්වේ බරපතළ බවට විවේචන
එසේම මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් නිදෙස් කොට නිදහස් කිරීමක් හෝ නිදහස් කිරීමක් සිදු නොවුණු බවයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉදිරිපත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ,
“හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ කුරුළු උයනක හිමිකරුවකු විසින් නීති විරෝධීව මෙරටට අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි ගෙන්වීම සම්බන්ධයෙන් හම්බන්තොට අධිකරණයේ පවත්වාගෙන ගිය නඩුකරයෙන් අදාල කුරුළු උයනේ හිමිකරු නිදොස් කොට නිදහස් කළ බවට පුවතක් 2026.05.06 වන දින මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමක් සිදු විය. මෙම නඩුකරයට අදාල විමර්ශන සිදු කරන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් මා වෙත වර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර එම වාර්තාවට අනුව ඉහත මාධ්‍ය මඟින් විකාශය වූ පුවත නිවැරදි නොවන බැවින් ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය පහත පරිදි පැහැදිලි කිරීම සිදු කරනු ලැබේ. ඒ අනුව, නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි ගෙන්වීම සම්බන්ධයෙන් සහ ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ කුරුළු උයනක හිමිකරුට හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් හම්බන්තොට ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකරයක් පවත්වා ගෙන ගොස් ඇත. මෙම නඩුකරය 2026.05.06 වන දින හම්බන්තොට ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී ඉහත විත්තිකරුවන්ට නීති විරෝධී ලෙස මෙරටට යතුරු පැදි ආනයනය කිරීම සම්බන්ධයෙන් රේගු ආඥා පනතේ ප්‍රතිපාදන අනුව නඩු පවරා ඉදිරි නඩු කටයුතු පවත්වා ගෙන යාමටත් ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වෙනම් නඩුකරයකින් නඩු කටයුතු පවත්වා ගෙන යාමටත් අවසර ලබාදෙන ලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය ගරු අධිකරණයෙන් ඉල්ලමින් වැඩිදුර වාර්තාවක් මඟින් ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කර ඇත. එලෙස මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ ආකාරයෙන් සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමක් හෝ නිදහස් කිරීමක් මෙහිදී සිදු නොවී ඇති බව වාර්තා කර ඇති අතර ගරු අධිකරණය විසින් මුල් බී වාර්තාව අවසන් කර ඉහත ආකාරයට වෙන වෙනම නඩුකරයක් පවත්වාගෙන යාමට අදාල නියෝග නිකුත් කර ඇත.”