ෆ්‍රීලෑන්සර්වරුන්ට ජය මංගලම් - PayPal හරහා ලංකාවට සෘජුවම මුදල් ගෙන්වීම ඇරඹේ
ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා ශ්‍රී ලංකාවට සෘජුවම මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
වාර්තා වන ආකාරයට, මෙම සේවාව එළඹෙන මැයි 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇත.
මීට පෙර PayPal හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමේදී පැවති නීතිමය හා තාක්ෂණික බාධා ඉවත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මෙරට බැංකු පද්ධතිය එක්ව දීර්ඝ කාලයක් සාකච්ඡා පැවැත්වූ අතර, එම සාකච්ඡා සාර්ථක වීමත් සමඟ මෙම පහසුකම ලබාදීමට හැකි වී ඇත.
මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් පසු අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ෆ්‍රීලෑන්ස් සේවා සපයන්නන්ට තම ගෙවීම් සෘජුවම ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් වෙත ලබාගැනීමට හැකි වනු ඇත.
එමෙන්ම, මෙම වැඩපිළිවෙළ හරහා මෙරටට නිල විදේශ විනිමය ගලා ඒමද ඉහළ යනු ඇති බව සඳහන් වේ.