නීතිවිරෝධී ගබ්සාවන්ගේ වාර්තාගත ඉහළ යාමක් - වැඩි දෙනෙක් අවිවාහක අය.
Sri Lanka Police
Sri Lanka
By krishani
මෙරට නීති විරෝධීව සිදුකරන ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.
එම ගබ්සා කිරීම්වලට බඳුන් වන වැඩිදෙනා අවිවාහක අය වන අතර අයථා පිළිසිඳ ගැනීම් ඇතුළු වැරැදි ගණනාවකට ජංගම දුරකතන සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවන සබඳතා ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.
මේ අතර පොලිස් මූලස්ථානයේ 2022 වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය 2020 වසරේ දී වාර්තා වූ මෙම වැරදි ප්‍රමාණය 34 ක් බවයි.
එමෙන්ම එම වැරදි ප්‍රමාණය 2021 වසරේ දී 48 දක්වා 41% කින් සහ 2022 වසරේ දී 65 ක් දක්වා 35% කින් ද ඉහළ ගොස් ඇත.
