අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

Sri Lanka Politician Sunil Handunnetti Latest Headlines Sinhala news Colombo politics heat up
By Kaushi Aug 06, 2025 04:43 AM GMT
Kaushi

Kaushi

Report

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් තම ආණ්ඩුවට හොරකම් කළ බවට චෝදනා නොමැති වීම ම ජනතාවට ගෝඨාගෝ ගම ද අනුරගෝ ගම ද යන්න තෝරා ගැනීමට ප්‍රමාණවත් බව ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

අන් අයගේ සිත දිනා ගනිමින් ව්‍යාපාරවලින් ඉහළටම යන අතේ මිටේ සල්ලි ගැවසෙන අද දවස

අන් අයගේ සිත දිනා ගනිමින් ව්‍යාපාරවලින් ඉහළටම යන අතේ මිටේ සල්ලි ගැවසෙන අද දවස

“අනුරගෝගමක් හැදෙන්නේ නෑ. ඒක හදනවා නම් හදන්න ඕන දේශපාලකයෝ නෙමෙයි, ජනතාව. ජනතාව පලයන් කියනවා නම් අනුර සහෝදරයා එක තප්පරයක්වත් ඉන්නේ නෑ. අපි කවුරුවත් එක තප්පරයක් ඉන්නේ නෑ. අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි. අපට රටක් ලැබුණේ හොරකම් කළ එවුන්ට දඬුවම් දෙන්න නම්, ඒක නොකරන එක නේ වරද. ජනතාව අපට විරුද්ධව ගෝඨාගෝ ගම වගේ එකක් හදන්න ඕන අන්න එදාට. උඹලා හොරු ආරක්ෂා කළා. උඹලා හොරකම් කළ අය නීතිය ඉස්සරහට ගෙනාවේ නෑ. පාතාළේ නැවැත්තුවේ නෑ. කුඩු නැවැත්තුවේ නෑ. අපරාධ නැවැත්තුවේ නෑ. මේ රටේ ආර්ථිකය හැදුවේ නෑ. අන්න එදාට සාධාරණයි. මේ යන්නේ ආටිෆිෂල් වැඩක් නෙ. පැල්වත්තේ සෙවනගල උක් ගොවීන්ට මාස දෙකකට මුදල් දුන්නේ නෑ කියලා එතනත් ගමක් හදන්න හැදුවා.” යනුවෙන්.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05) දින රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් බව සඳහන්.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

බිහිසුණු පහර දීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

බිහිසුණු පහර දීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

ReeCha