බිහිසුණු පහර දීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

Report

තියුණු ආයුධයකින් පහර දීම නිසා තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (05) දින නාවුල පොලිස් වසමේ නිකුල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව තිබෙනවා.

දේශබන්දු ධුරයෙන් නෙරපීමේ සම්මත වූ යෝජනාව ජනපති අතට

දේශබන්දු ධුරයෙන් නෙරපීමේ සම්මත වූ යෝජනාව ජනපති අතට

අඳාළ පහර දීමෙන් අනතුරුව තුවාල ලැබූ තරුණයා නාලන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පවසයි.

වාර්තා වූ පරිදී මියගොස් ඇත්තේ අවුරුදු 23ක කළුන්දෑව, දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

එසේම සිදු කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර තිබෙන බවයි.

එසේම මේ සම්බන්ධයෙන් වයස අවුරුදු 41ක් වන නිකුල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ප්‍රකාශ කරයි. 

අන් අයගේ සිත දිනා ගනිමින් ව්‍යාපාරවලින් ඉහළටම යන අතේ මිටේ සල්ලි ගැවසෙන අද දවස

අන් අයගේ සිත දිනා ගනිමින් ව්‍යාපාරවලින් ඉහළටම යන අතේ මිටේ සල්ලි ගැවසෙන අද දවස

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි