ඔයාගෙ නැතිවූ දේවල් මෙතන තියේද බලන්න..අදම කතා කරල තහවුරු කරගන්න(PHOTOS).

Police spokesman Sri Lanka Police Galle
By Aruna Jul 24, 2023 05:08 AM GMT
Aruna

Aruna

Report

ගාල්ලෙ ඔරොප්පුවත්තේ නගරසභා ගොඩනැගිල්ලෙ අත හැරදැමූ ටැංකියක තිබී අද සොයාගත් පර්ස් තොගයක් යැයි එහි ඡායාරූපයන් සමග පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය යේ පැතිර යමින් පවතිනවා.

එලෙස හමුවී ඇති හැම පර්ස් එකකම හැදුනුම්පතක් ලයිශ්න් එකක් හෝ විදේශ ගමන් බලප්‍රතයක් තියෙනවා පවතින බවයි වාර්තා වන්නේ.

මෙලෙස හමුවී ඇති ලයිසන්,හැදුනුම්පත්, පාස්පෝට් ලංකාවේ විවිධ ප්‍රදේශවල අයගේ ඒවා බවටයි එම තොරතුරු වාර්තා වන්නේ.

පර්ස් සොරකම් කර ඒවායේ සල්ලි අරන් මෙම ස්ථානයට විසිකර ඇති බවයි පැවසෙන්නේ.

නගරසභා සේවකයින් පිරිසිදු කිරිමේදී මේවා හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍යයේ හුවමාරු වන සටහනක කොටසක් පහතින් දැක්වේ,

මේව නැවත හදන්න ලොකු මහන්සියක් දරන්න ඕන ඒ වගේම තමන්ගේ අයිඩින්ට් එක නැති උනාම තියෙන පීඩනය ...

119 ගහල ගාල්ල පොලිසිය ට මේව බාරදුන්න..

මෑතකදී තමන්ගේ පර්ස් නැතිවෙලා තියෙනවා නම් ගාල්ල පොලිසියෙන් විමසිමක් කරල බලන්න බොහෝවිට ඔයාලගේ එවත් තියෙනවා ඇති.

හොදම දේ තමයි මේව තැපලට දැම්මට අදාල ලිපිනයන් වෙත ගෙනියන්න තැපැල අකමැති වීමයි ඒ විදිහට එකතුවෙච්ච ගොඩක් ගාල්ල ප්‍රධාන තැපෑලේ තියෙන බව දැනගන්නට ලැබුණ.

කෙනෙක්ට උපකාරී වෙයි කියල හිතෙනවා නම් , කැමති නම් ඔයාල මේ පෝස්ට් එක ශෙයා කරන්න.

සමහර පර්ස් වල බැංකු පොත්,කාඩ් ,බෙහෙත් තුංඩු,කැම්පස් අයිඩින්ට් ,රෝහල් අයිඩින්ට් පවා තිබුන 

?මේක දැකල මට කතාකරල අහන්න එපා කෝ කියල ගාල්ල පොලිසියෙන් විමසන්න

copied

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha