ඊයේ සිට ක්‍රිකට් සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙයි - සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රියාත්මක වන පරිදී අලුත් නීති රැසක්

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මඟින් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන සියලුම තරග ආකෘති වෙනුවෙන් අදාළ වන පරිදි සංශෝධිත නව තරග කොන්දේසි ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව එම නව සංශෝධන ඔක්තෝබර් ඊයේ (1) සිට ආරම්භ වන සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රියාත්මක වන බව සඳහන්.

එසේම තරගවල වේගය පවත්වාගෙන යාම සහ කාලය නාස්ති වීම වැළැක්වීමට පිතිකරුවන් සම්බන්ධයෙන්ද නව නීති හඳුන්වා දී ඇත.

ඒ අනුව පිතිකරුවෙකු පන්දුවට මුහුණදීමට නියමිත වේලාවට සූදානම් නොවන්නේ නම්, පළමු අවස්ථාවේදී නිල අවවාදයක් ලබාදීමටත්, දෙවන අවස්ථාවේදී අවසන් අවවාදයක් ලබාදීමටත් නියමිත බව සඳහන්.

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

එමෙන්ම තුන්වන අවස්ථාවේ සිට එවැනි සෑම සිදුවීමකදීම ප්‍රතිවාදී කණ්ඩායමට දඬුවම් ලකුණු 5 බැගින් ලබාදීමට මෙන්ම විනය ක්‍රියාමාර්ග ගැනීමටද අවස්ථාව පවතින බව වාර්තා වේ.

එමෙන්ම කාන්තා ක්‍රිකට් සඳහා මෙතෙක් භාවිත වූ පන්දු ප්‍රමිති වෙනුවට පිරිමි, කාන්තා සහ කනිෂ්ඨ ක්‍රිකට් සඳහා නිශ්චිත ප්‍රමාණ සහ බරින් යුත් පන්දු වර්ග තුනක් හඳුන්වා දී ඇත.

එසේම ටෙස්ට් ක්‍රිකට් සඳහාද විශේෂ සංශෝධන කිහිපයක් සිදුකර ඇති බව සඳහන්. එබැවින් දිවා ටෙස්ට් තරග සඳහා මන්දාලෝකය හේතුවෙන් සිදුවන බාධා අවම කරගැනීමේ අත්හදා බැලීමක් වශයෙන්, තරගයට පෙර දෙපාර්ශ්වයේම එකඟතාව මත රෝස පැහැති පන්දු භාවිත කිරීමට අවසර හිමිවන බව වාර්තා වේ.

චුට්ටක් චුට්ටක්... කිය කිය හිටපු යොහානි එක රැයෙන් මුළු ඉන්දියාවම හොල්ලයි - පිස්සු වැටුණු රසිකයින්ගෙන් නොහිතපු තෑග්ගක්

චුට්ටක් චුට්ටක්... කිය කිය හිටපු යොහානි එක රැයෙන් මුළු ඉන්දියාවම හොල්ලයි - පිස්සු වැටුණු රසිකයින්ගෙන් නොහිතපු තෑග්ගක්

තවද දවසේ අවසාන පන්දුවාරයේදී කඩුල්ලක් බිඳ වැටුණද, කාලගුණය සහ ආලෝක තත්ත්වය සුදුසු නම් පන්දුවාරය අවසන් වනතුරු තරගය නතර නොකිරීමටද නව නීති යටතේ අවසර ලබාදී ඇති බව සඳහන්.

ඊට අමතරව ‘Overthrow’ නීතිය, පන්දුව පාලනයට ගැනීම සහ පන්දු රකින්නාගේ පාලනය සම්බන්ධ නීතිද වඩාත් පැහැදිලි කර ඇති අතර, විස්සයි-20 තරග සඳහාද ඉනිම් අතර විනාඩි 15ක ස්ථිර විවේක කාලයක් නියම කර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ICC පිරිමි ක්‍රිකට් කමිටුවේ සභාපති සෞරව් ගංගුලි පවසා ඇත්තේ, ක්‍රීඩාවේ වේගය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස අඳාළ සංශෝධන සිදුකළ බවයි. 

මෝටර් රථ හා ත්‍රීරෝද රථ සඳහා - ටයර් සඳහා විශේෂ නීතියක්

මෝටර් රථ හා ත්‍රීරෝද රථ සඳහා - ටයර් සඳහා විශේෂ නීතියක්

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි උණුසුම්.. බොර තෙල් බැරල් මිලියන 2.5 ක ධාරිතාවයකින් යුත් සුපිරි ටැංකියක් ගිනි ගනියි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි උණුසුම්.. බොර තෙල් බැරල් මිලියන 2.5 ක ධාරිතාවයකින් යුත් සුපිරි ටැංකියක් ගිනි ගනියි