හෝමූස් සමුද්‍ර සන්ධිය යළි උණුසුම්.. බොර තෙල් බැරල් මිලියන 2.5 ක ධාරිතාවයකින් යුත් සුපිරි ටැංකියක් ගිනි ගනියි
By Kaushi
ඉරානයේ අර්ධ නිල ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරන ආකාරයට ඊයේ(01) දින හෝමූස් සමුද්‍ර සන්ධියේදී බොර තෙල් බැරල් මිලියන 2.5 ක ධාරිතාවයකින් යුත් සුපිරි ටැංකියක් ගැටීමෙන් ගින්නක් ඇති වී තිබෙනවා.
ඒ අනුව සඳහන් වූයේ ඕමාන වෙරළට කිලෝමීටර් 8ක් (සැතපුම් 5ක්) දුරින් පිහිටි ජල මාර්ගය හරහා "අනවසර මාර්ගයක" යාත්‍රා කරමින් සිටියදී මෙසේ යාත්‍රාව ගැටී ඇති බවයි.
එමෙන්ම මෙතෙක් මෙම සිද්ධියට හේතුව හෝ සිදුවිය හැකි හානි පිළිබඳව කිසිදු තොරතුරක් ලබා ගත නොහැකි වී ඇති බව සඳහන්.