ICC විසින් විස්සයි20 පිරිමි ලෝක කුසලාන පූර්ව සූදානම පිළිබඳ පැහැදිලි කිරීමක්
විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ව සූදානම පිළිබඳ ICCයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත .
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේදී විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙයි.
ඒ අනුව තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායි යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සූදානම්ව තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳ අවසන් තීරණය ගෙන නොමැත. ඒ සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණ තෝරාගෙන ඇත.
විස්සයි20 ලෝක කුසලානය ආරම්භ වීමට නියමිත පෙබරවාරි 7 වනදා ය. ඒ වගේම අවසන් මහා තරගය මාර්තු 8 වනදා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් ආයතනය හා පාකිස්තාන ක්‍රිකට් ආයතනය අතර ඇති කරගත් එකඟතාව අනුව ඔවුන්ගේ රටක් සත්කාරකත්වය දරන අවස්ථාවකදී මධ්‍යස්ථ ස්ථානයකදී ක්‍රීඩා කිරීම සිදුවේ.
තවද මෙම හේතුවෙන් පාකිස්තානය ඔවුන්ගේ සියලුම තරග ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිත වේ. ඒ වගේම ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි.
ඒ අනුව ICC නිර්ණායක අනුව තරගාවලිය ආරම්භවීමට මාස 3කට පෙර තරග කාලසටහන නිකුත්කළ යුතුව තිබේ .
ඒ හේතුවෙන් බොහෝ දුරට එළැඹෙන සතියේ දී එය නිකුත්කිරීමට ඉඩ ඇත. මෙවර තරගාවලියට කණ්ඩායම් 20ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.තවද ඔවුන් කාණ්ඩායම් 4ක් යටතේ ක්‍රීඩාකරනු ලබයි.
එම සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම කණ්ඩායම් දෙක සුපිරි අට අදියරට පිවිසයි.
එහිදී ඔවුන් කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකකට බෙදී තරගවදින්නට නියමිත ඇත.
ඒ වගේම කාණ්ඩ දෙකෙන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
තවද මේ සඳහා සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් වනුයේ සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමගින් ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අමෙරිකාව, බ.ඉ. කොදෙව්, නවසීලන්තය, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නේපාලය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නැමීබියාව හා සිම්බාබ්වේ යන රටවල්වල කණ්ඩායම් වේ.