දුමින්ද කිව්වට එයාලට ගහන්න මම ගියේ නෑ රජයේ වාහන ගියෙත් නෑ පුළුවන් නම් ඔප්පු කරන්න - මහින්ද

Report

යක්කල පිහිටි පෙරටුගාමී පක්ෂයේ ප්‍රධාන කාර්යාලය වශයෙන් හඳුන්වන ඉඩම ජනතා විමුක්ති පෙරමුණ මඟින් 2005 වසරේදී මිලදී ගත් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඒ අනුව අඳාළ ගොඩනැගිල්ල ජනතා විමුක්ති පෙරමුණ සඳහා ගම්පහ දිස්ත්‍රික් සාමාජිකයන් විසින් ඉදි කර ඇත.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

එසේම ඔහු තවදුරටත් අවධාරණය කර තිබුණේ එම කාර්යාලය සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය සිදුවන විට තමන් එම ස්ථානයේ නොසිටි බවයි.

එමෙන්ම තමා එහි සිටි බවට යමෙකුට ඔප්පු කළ හැකි නම් ඒ සඳහා අභියෝග කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ අතර පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා තමන් එම ස්ථානයේ සිටි බවට කළ ප්‍රකාශයද ඔහු තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

තවද අඳාළ සිද්ධියට රජයේ වාහන යොදා ගත් බවට එල්ල වන චෝදනාද ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එසේම මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම ගොඩනැගිල්ලට නීත්‍යානුකූල අයිතිය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවත්, වත්මන් රජය බලයට ඒමට පෙර අධිකරණ තීන්දුවකින්ද මෙය තහවුරු කර ඇති බවත් ය.

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න