දකුණු මෙක්සිකෝවට කඩා වැදුණු සුළි කුණාටුවෙන් දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
ඔටිස් සුළි කුණාටුවෙන් 27කට වැඩි පිරිසක් මියගොස් තිබෙන අතරම ඩොලර් බිලියන ගණනක අලාභයක් සිදුව තිබෙනවා.
දකුණු මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්‍රෙස් මැනුවෙල් ලෝපේස් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මෙතරම් හානියක් සිදුවේයැයි අපේක්‍ෂා නොකළ බවයි.
සුළි කුණාටුව පැයට කිලෝමීටර 266ක වේගයෙන් කඩාවැදී ඇති අතර ගුවන් ගමන් සහ දුම්රිය ධාවනය අත්හිටුවා තිබෙනවා.
රථ වාහන විශාල සංඛ්‍යාවක්ද ජල ගැලීම්වලට හසුව තිබෙනවා.