කොරෝනා අතරේ භයානක සුළි කුණාටුවක්..දැනට 41ක් මරුට.
World
American
hurricane-ida
By Aruna
අයිඩා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝක් සහ නිව් ජර්සි ප්‍රාන්තවල පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.
මිලියනයකට පමණ මේ වන විට විදුලිය ඇනහිට ඇති අතර, දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා මුළුමනින් ම පාහේ අඩපණ ව තිබෙනවා.
අයිඩා සුළි කුණාටුවත් සමඟ ඇති වූ අධික වර්ෂාව සහ ජල ගැලීම් හේතුවෙන් බොහෝ පිරිසක් මිය ගොස් තිබුණේ, වාහන අංගන සහ භූගත තට්ටු තුළ සිරවීමෙන්.
කෙසේ වෙතත්, පීඩාවට පත් ජනතාවට සහන සලසන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |