මේ ගුවන්තොටුපළට යන අයට මැයි මාසේ ඉඳන් අලුත් ආරංචියක්

Report

 ලොව කාර්යබහුලම ගුවන් තොටුපළක් වන ජපානයේ ටෝකියෝ නුවර පිහිටි හනෙඩා (Haneda) ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මෙම මැයි මාසයේ සිට මානවරූපී රොබෝවරුන් (Humanoid robots) සේවයට යෙදවීමේ සුවිශේෂී අත්හදා බැලීමක් ජපන් ගුවන් සේවය (JAL) විසින් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වසරකට මිලියන 60 කට අධික මගීන් පිරිසක් එහා මෙහා යන මෙම දැවැන්ත පරිශ්‍රය තුළ, දහඩිය වගුරමින් බර උසුලන සේවකයින්ගේ කායික පීඩාව මෙම රොබෝවරුන් මඟින් විශාල වශයෙන් අවම වනු ඇති බව බලාපොරොත්තු වේ.

එමෙන්ම JAL සමාගම සහ ‘GMO Internet Group’ ආයතනය එක්ව මෙම අත්හදා බැලීමේ ව්‍යාපෘතිය 2028 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

රසිකයන්ගේ කුතුහලය අවසන් කරමින් සුපිරි නළු අමීර් ඛාන්ගෙන් සුබ ආරංචියක් - නිල වශයෙන් තහවුරු කරයි

රසිකයන්ගේ කුතුහලය අවසන් කරමින් සුපිරි නළු අමීර් ඛාන්ගෙන් සුබ ආරංචියක් - නිල වශයෙන් තහවුරු කරයි

චීනයේ හැංෂෝ නුවර පදනම් කරගත් 'Unitree' තාක්ෂණික සමාගමෙන් නිපදවා ඇති සෙන්ටිමීටර 130ක් පමණ උසැති මෙම රොබෝවරුන්ගේ ක්‍රියාකාරීත්වය මෑතකදී මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කර තිබුණා.

එසේම එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු පැය දෙක තුනක පමණ කාලයක් අඛණ්ඩව වැඩ කළ හැකි මොවුන්, අනාගතයේදී ගුවන් යානා කුටි පිරිසිදු කිරීම වැනි කාර්යයන් සඳහා ද යොදා ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම තාක්ෂණික පෙරළිය පිටුපස ඇත්තේ ජපානය මේ වන විට මුහුණ දෙමින් සිටින බරපතළ සමාජීය අර්බුදයක් බව සඳහන්.

ඒ ශීඝ්‍රයෙන් වියපත් වන ජනගහනය සහ ශ්‍රමික හිඟය හමුවේ එරටට ගලා එන අතිවිශාල සංචාරක ප්‍රවාහය කළමනාකරණය කිරීමේ දැවැන්ත අභියෝගය සඳහායි.

ලෝකෙම උනන්දුවෙන් යන්න දගලන අපූරු සෞඛ්‍ය වැඩසටහන - බර අඩු කරගත්තොත් මේ අයට හරක් මස් නොමිලේ

ලෝකෙම උනන්දුවෙන් යන්න දගලන අපූරු සෞඛ්‍ය වැඩසටහන - බර අඩු කරගත්තොත් මේ අයට හරක් මස් නොමිලේ

විවිධ රාජ්‍යතාන්ත්‍රික ගැටලු මධ්‍යයේ වුවත් ඉකුත් වසරේදී පමණක් සංචාරකයින් මිලියන 42.7 ක් ජපානයට පැමිණ ඇත.

එමෙන්ම 2026 වසරේ මුල් මාස දෙක තුළ පමණක් එම සංඛ්‍යාව මිලියන 7 ක් ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

මේ අතර තම ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට 2040 වන විට ජපානයට විදේශීය ශ්‍රමිකයන් මිලියන 6.5 කගේ අවශ්‍යතාවයක් පවතින බවට ඇස්තමේන්තු කර ඇතත්, සංක්‍රමණිකයින් රට තුළට ගැනීම සම්බන්ධයෙන් රජයට එල්ල වී ඇති දේශපාලන බලපෑම් සුළුපටු නොවන බව සඳහන්.

කොළඹට සුභම සුභ ආරංචියක් - 2027 කොළඹට ලැබෙන්න යන අලුත්ම තෑග්ග මෙන්න

කොළඹට සුභම සුභ ආරංචියක් - 2027 කොළඹට ලැබෙන්න යන අලුත්ම තෑග්ග මෙන්න

ඒ හේතුවෙන් රොබෝ තාක්ෂණය කදිම විකල්පයක් වශයෙන් පෙනුණද, ආරක්ෂක කළමනාකරණය වැනි අතිශය සංවේදී සහ තීරණාත්මක කාර්යයන් වෙනුවෙන් තවදුරටත් මිනිස් මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ගුවන් තොටුපළ බලධාරීන් තරයේ පවසයි.

එමෙන්ම GMO AI & Robotics හි සභාපති ටොමොහිරෝ උචිඩා දක්වන ආකාරයට ගුවන් තොටුපළක් බාහිරින් කෙතරම් නවීන සේ පෙනුණද එහි පසුබිම් මෙහෙයුම් අදටත් බහුලව රඳා පවතින්නේ මිනිස් ශ්‍රමය මතයි.   

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්