ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍යයේ කැළඹීමක්
ලෝක දේශපාලනයේ සහ ගෝලීය බලශක්ති සැපයුමේ තීරණාත්මක කලාපයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz), අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කර තිබෙන සිතියමක් අන්තර්ජාලය තුළ දැඩි කතාබහකට ලක්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය Truth Social ගිණුමේ පළ කරන ලද සිතියමක මෙම වෙනස් කිරීම සිදු කර තිබෙනවා. එහි හෝර්මුස් සමුද්‍ර සන්ධිය පවතින ස්ථානයේ "STRAIT OF TRUMP" වශයෙන් සඳහන් කර ඇත.
ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද්ධයේ ප්රතිළලයක් ලෙස ලොවටම ආර්ථික බලපෑම් ඇති කිරීමට සමත්ව ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය මේ දිනවල ලෝකයේම දැඩි අවධානය දිනා ගෙන ඇත.
එවන් පසුබිමක පළ කළ ඇති මෙම සිතියම දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත.