මෙන්න කටුනායක ගුවන්තොටුපොළේ පිරිමි වැසිකිළියෙන් හමුවුණ භාණ්ඩය පොලීසියත් හොල්මන්
අද (20) දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ හතළිස්දහසක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, පිරිමි වැසිකිළිය තුලින් සොයාගෙන ඇත.
එතුළ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 422ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 262ක් තිබූ බව පොලීසිය පවසයි.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වැසිකිළිය පිරිසිදු කිරීමට ආ සේවකයෙකු මෙම පාර්සල් කිහිපය දැක පසුව ඒ පිළිබඳව කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ඒ බව පවසා ඇත.
ඉන් අනතුරු කල පරීක්ෂා කිරීමෙන් ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවද වාර්තා වේ.