හදිසි ධන ලාභ...අද ලග්න කිහිපයකට සුපිරි ග්‍රහයෝගයක්...

Sri Lanka Horoscope Astrology Lagna Palapala Sinhala news
By Akash May 02, 2025 11:56 PM GMT
Akash

Akash

Report

මේෂ ලග්නය

ගමන් බිමන් බහුල වෙයි. ප්‍රීති උත්සව, සාද වැනි දේවල් යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. හදිසි ධන ලාභ ලබයි. සෙම්කෝප රෝග මතුකරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: තද රෝස

වෘෂභ ලග්නය

අවිවේකී බවක් මතුකරයි. ක්‍රියාකාරකම් බහුල දිනයකි. විනෝද ගමන්, ක්‍රියාවන්වල යෙදෙන දිනකි. ආගමික උත්සව වැනි දේවල ද යෙදේ. තරමක් වැයපස ඉහළ යන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි. ජය අංකය: 03 ශුභ වර්ණය: අළු පැහැය

මිථුන ලග්නය

ක්‍රියාකාරී දිනකි. විනෝදජනක ක්‍රියාවන් මුල්ව ක්‍රියා කරයි. උත්සව, සාද වැනි දේවල් ද යෙදේ. අලංකාර කටයුතුවල ද යෙදේ. වැයපස ඉහළ යන දිනකි. ලාභ ගෙනදෙයි. මුත්‍රා ආසාදන, මුත්‍රා රෝග මතුකරයි. අද ලග්න කිහිපයකට වැල්ලෙත් බඹරෙ කැරකෙන සුපිරි ග්‍රහයෝගයක්.. ජය අංකය: 06 ශුභ වර්ණය: ළා කොල

චීනයෙන් ඇමරිකාවට කොළ එළියක්

චීනයෙන් ඇමරිකාවට කොළ එළියක්

කටක ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල උදා කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික වතාවත් ඉටු කරයි. ප්‍රීති උත්සව, සාද වැනි දේවල්වලට ද හේතුයි. හදිසි ධන ලාභ ලබයි. ශිරෝගත රෝගාදියට හේතුයි. ජය අංකය: 04 ශුභ වර්ණය: සුදු

සිංහ ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙයි. සිත් චංචල කරවන ප්‍රශ්න යෙදෙන අතර තම ඥාතීන් නිසා මිල මුදල් වැය කිරීමට හේතු කාරණා යෙදේ. කලකිරීම් මත දවස වැඩි කලක් ගෙවේ. ස්නායුගත රෝගවලට හේතුයි. ජය අංකය: 02 ශුභ වර්ණය: තැඹිලි

කන්‍යා ලග්නය

දවස සාමාන්‍ය ලෙසින් ගෙවේ. සුපුරුදු රාජකාරිවලින් නිදහස්ව නව මගක ගමන් යෙදෙයි. පොදු සේවා, සමාජ සත්කාරක ක්‍රියා වැනි දේවලට හේතුයි. සිරසගත රෝග මතුවේ. ජය අංකය: 05 ශුභ වර්ණය: කොළ

අදත් කාලගුණයේ වෙනස් වීමක්....හවස්වරුවේ එලියට යන්නේ බලාගෙන...

අදත් කාලගුණයේ වෙනස් වීමක්....හවස්වරුවේ එලියට යන්නේ බලාගෙන...

තුලා ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. දවස සාමාන්‍ය ලෙසින් ගෙවෙන අතර පොදු සේවා, සමාජ සත්කාරක ක්‍රියාවන් ආදියේ යෙදේ. සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. දහමට ළැදි වේ. සෙම්කෝප රෝග මතුකරයි. ජය අංකය: 07 ශුභ වර්ණය: ක්‍රීම්


වෘශ්චික ලග්නය

තරමක් අලස ගති මත දවස ගෙවයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. කෙටි ගමන් යෙදේ. හුදෙකලා ගති ඉස්මතු කරයි. දහමට යොමුව ක්‍රියා කරයි. මුත්‍රා ආසාදන මතුවේ. ජය අංකය: 08 ශුභ වර්ණය: රතු

ධනු ලග්නය

දහමට යොමුව ක්‍රියා කරන අතර ඉතා ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමුවන අතර තම ඥාතීන් ද දහමට යොමු කරවයි. තරමක් මිල මුදල් වැය වෙයි. ශ්වසන පද්ධතියේ රෝග මතුකරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: කහ

මකර ලග්නය

ක්‍රියාකාරකම් බහුල වෙයි. දාන ශීලාදී ගුණධර්මවල ද යෙදේ. පරෝපකාරීව ක්‍රියා කරන අතර ආගමික උත්සව සංවිධානයට හේතුයි. අමතර ලාභ ද ගෙනදෙන අතර සන්සුන් මනසකි. සන්ධි රෝග මතුකරයි. ජය අංකය: 08 ශුභ වර්ණය: නිල්

කුම්භ ලග්නය

සැහැල්ලු මනසින් දවස ගෙවයි. දාන ශීලාදී ගුණධර්මවල යෙදේ. ඇසුරු කරන්නන් දහමට යොමු කරවයි. පොදු සේවා, සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන අතර සහන සිතුවිලි ඇති දිනකි. වාත රෝග, සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: දම් 

මෙවර ලෝක වෙසක් උත්සවයේ ප‍්‍රධාන දේශනාව ජනපතිගෙන්..

මෙවර ලෝක වෙසක් උත්සවයේ ප‍්‍රධාන දේශනාව ජනපතිගෙන්..

මීන ලග්නය

අධ්‍යාත්මික ගුණවගාවල යෙදෙන, දහමට අනුව ක්‍රියා කරන දිනකි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. ආගමික උත්සව ද සංවිධානය කරයි. සන්සුන් මනසින් දවස ගෙවයි. ඉදිමුම් රෝග, සන්ධි රෝග මතුකරයි. ජය අංකය: 09 ශුභ වර්ණය: රන්වන්



ReeCha