සාමාන්‍ය සිරකරුවන් මෙන් බන්ධනාගාරයේදී දේශබන්දු තෙන්නකොන්ට නිරුවත් කරල ද?

Sri Lanka Police Sri Lanka Inspector General of Police Deshabandu Tennakoon Sinhala news
By Akash Mar 20, 2025 06:38 PM GMT
Akash

Akash

Report

රක්ෂිත බන්ධනාගාර ගත කරන ඕනෑම රැඳවියකු ඊට ඇතුළු කරගැනීමට පෙර නිරුවත් කර සෝදිසි කිරීමකට ලක් කරන බව නීතිඥ චානක අභයවික්‍රම මහතා සඳහන් කර තිබෙනවා.

එම හේතුව මත අද දින රක්ෂිත බන්ධනාගාර ගත කළ පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට තෙන්නකොන්ටද සිදුවන්නට ඇති බව තමන් විශ්වාස කරන බවයි ඔහු පැවසුවේ.

සාමාන්‍යයෙන් එම කාර්යය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ඕනෑම අයෙකුට සිදුවන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ටද එය සිදු කරන්නට ඇති බවද ඔහු කියා සිටියා.

අනෙක් රැඳවියන් හා සමානව අවම පහසුකම් බන්ධනාගාරය තුළදී ඔහුට හිමිවනු ඇති බවත් සිර දඬුවම් නියම වූ සිරකරුවන්ට අදින්න්ට නියම වන ජම්පරය ඇදීමේ අවශ්‍යතාවක් නැති බවත් ඔහු කියා සිටියා.

පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ටද සිමෙන්ති පොළොවේ නිදාගැනීමට සිදුවනු ඇති බවත් පැවසූ ඔහු වෛද්‍යවරුගේ නිර්දේශයක් මත පැදුරක් හෝ මෙට්ටයක් ලබා ගැනීමට හැකියාව ඇති බවද සඳහන් කර සිටියා.

නමුත් පිටතින් ආහාර ලබා ගැනීමේ හැකියාව ඇති බවත් ඖෂධ හෝ වෙනත් සෞඛ්‍යමය අවශ්‍යතා වෛද්‍යවරුන් නිර්දේශ මත හිමි වනු ඇති බවද සඳහන්.

මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අප්‍රේල් මස තුන්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පස්වරුවේ දුම්බර බන්ධනාගාරය වෙත ගෙන ගියා.

ReeCha