කොහොමද බිලියන 37ක ගෙවීමක් කළේ...කෝප් කාරක සභාවටත් ප්‍රශ්නයක්

Sri Lanka Money Law and Order Cope Committee Sri Lanka Sinhala news
By Kaushi May 20, 2025 12:58 PM GMT
Kaushi

Kaushi

Report

කෝප් කාරක සභාව මඟින් 5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම රුපියල් බිලියන 37ක ගෙවීමක් තායිසේ සමාගම වෙත කර ඇති බව අනාවරණය කර ගෙන ඇත.

නඩුවට එන්න එපා, ආවොත් මරනවා....ආරක්ෂාවට ඉන්න පොලිසියෙන්ම තර්ජන

නඩුවට එන්න එපා, ආවොත් මරනවා....ආරක්ෂාවට ඉන්න පොලිසියෙන්ම තර්ජන

මේ බව සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අනාවරණය වි තිබෙනවා.

තායිසේ සමාගම (Taisei Corporation) වෙත මෙම රුපියල් බිලියන 37ක මුදලක් ගෙවා ඇත්තේ අපේක්ෂිත 30% ක භෞතික ප්‍රගතියට සාපේක්ෂව 5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියකට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් A පැකේජය වන මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත (Passenger Terminal Building & Associated works) ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා බව සඳහන්.

පසුගිය 2022 වසරේ අප්‍රේල් 12 දින මුදල් අමාත්‍යාංශය මඟින් ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය ණය මුල්‍යනය කිරීම පිළිබඳ අන්තර්කාලින ප්‍රතිපත්තිය යන මැයෙන් නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන් ව්‍යෘපෘතිය සඳහා ණය මුදලේ ණය වාරික මුදාහැරිම JICA ආයතනය විසින් අත්හිටුවා තිබුණා.

පැමිණ සිටි නිලධාරීන් පවසා තිබුණේ එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත්කරු 2022 දෙසැම්බර් 09 දින ඉදිකිරීම් කටයුතු නවත්වා තිබු බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පැවසුවේ ඒ නිසා ඇති වූ අලාභය ද ඇතුළුව මෙසේ රුපියල් බිලියන 37ක ගෙවීමක් කිරීමට සිදුවූ බවයි.

මෙහි දී කාරක සභාව ප්‍රශ්න කර සිටියේ අවුරුදු 3ක කාල සීමාවක් සඳහා වූ ව්‍යාපෘතියක, කොන්ත්‍රාත් කාල සීමාවෙන් වසර දෙකක් අවසන්ව ඇති විටත් 5.44% ක් පමණ වූ තත්‍ය ප්‍රගතියකට මෙතරම් මුදලක් තායිසේ සමාගමට ගෙවීම කොපමණ දුරට සධාරණද යන්නයි.

එමෙන්ම කාරක සභාව මෙහි දී දීර්ඝ වශයෙන් සකච්ඡාවට බඳුන් කළේ ඉදිකිරීම් කටයුතු නැවැත්වීමෙන් පසු ඉදිකිරීම්වලට සිදුවන හානිය අවම කිරීම සඳහා කොන්ත්‍රාත්තු තායිසේ සමාගම නොවන වෙනත් සමාගමකට ලබාදීමත්, එම කොන්ත්‍රාත්තු සඳහා රුපියල් මිලියන 1,328.7 ක අමතර පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳවයි.

තවද ඉහත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නතර කළ පසු කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘතියට අදාළව මිලදී ගත් ද්‍රව්‍ය හා උපකරණ AASL විසින් භාරගත යුතු අතර එසේම ඒ තුළ වූ රුපියල් මිලියන 1,550 ක් වටිනා ද්‍රව්‍ය හා උපකරණ ව්‍යාපෘතිය නතර කළ කොන්ත්‍රාත්කරුගේ දේශිය උප කොන්ත්‍රාත්කරුවන් සමඟ ගිවිසුම්ගතව ඔවුන් යටතේ පෞද්ගලික ගබඩාවල රඳවා තිබී ඇත.

දරුවා ලැබිලා දවස් හතෙන් මව සියදිවි නසාගත්ත හේතුව

දරුවා ලැබිලා දවස් හතෙන් මව සියදිවි නසාගත්ත හේතුව

ඒ අනුව ඊට අදාළව AASL හි සභාපතිවරයා විසින් කමිටු නවයක් පත් කර තිබෙනවා.

එම කමිටු ඇගයීම් සහ නිර්දේශය අනුව, ඔවුන් සතු incinerator යන්ත්‍රය වෙනත් ගබඩා ස්ථානයකට ගෙන යාමෙන් මාසිකව රුපියල් 392,904 ක් ඉතිරි කර ගත හැකි බව ද දන්වා තිබෙනවා.

නමුත් එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් 2023 මාර්තු සිට 2024 දෙසැම්බර් දක්වා සමාගමට රුපියල් මිලියන 3.9 ක අමතර ගබඩා පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳව ද මෙහි දී කෝප් කාරක සභාවේ අවධානය යොමු වූ බව වාර්තා වේ.

තවද කෝප් කාරක සභාව මිනුවන්ගොඩ ද්විත්ව මංතීරු ඉදිකිරිම සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර සිටියා.

තවදුරටත් කමිටුව මෙහිදී අවධාරණය කර සිටියේ මෙම මංතීරු ඉදි කිරීම හේතුවෙන් බහු මහල් රථගාල ඉදි කිරීමට අදාළ කටයුතු අඩපණ වී ඇති බව සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සතු ව්‍යාපෘති තුළ බොහෝ සැලසුම් සහ නිර්මාණකරණයට අදාළ වූ ගැටලු පවත්නා බවයි.

ඇමසන් වනාන්තරයෙන් ඇහෙන අලුත්ම ආරංචිය

ඇමසන් වනාන්තරයෙන් ඇහෙන අලුත්ම ආරංචිය

අඳාළ කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, චන්දිම හෙට්ටිආරච්චි, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වී තිබුණා. 

ReeCha