දරුවා ලැබිලා දවස් හතෙන් මව සියදිවි නසාගත්ත හේතුව

Report

දරුවා ඉපද දින හතකින් සියදිවි නසා ගත් එක්දරු මවකගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

පොල්ගහවෙල පොලිසිය විසින් වාර්තා කර ඇත්තේ මළ සිරුර ඇගේ නිවසේ මුළුතැන්ගෙයි තිබියදී පෙරේදා (18) දින සොයාගත් බවයි.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගහවෙල යටිගල්සිලුව ප්‍රදේශයේ පදිංචිව සිටි කුමුදු මධුසානි රණවලගේ නමැති වයස අවුරුදු 32 කාන්තාවක් බව සඳහන්.

ලිංගික සංසර්ගය vs ප්‍රතිසංස්කරණය එක්ක පැටලුනු ඇමතිට අර්චුනා ක්ලාස් ගත්ත හැටි..

ලිංගික සංසර්ගය vs ප්‍රතිසංස්කරණය එක්ක පැටලුනු ඇමතිට අර්චුනා ක්ලාස් ගත්ත හැටි..

මිය ගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ කාන්තාව මීට දින තුනකට පෙර ද සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවයි.

ඒ තම කුළුදුල් දරුවා ලැබීමෙන් පසු ඇයට විශාදය වැනි රෝග ලක්ෂණ පහළ වූ හේතුවෙන්.

ඒ අනුව මෙම සිද්ධිය පාන්දර කාලයේදී සිදු වී ඇත.

නිවසේ කාන්තාවගේ මවුපියන් ඇතුළු තවත් සාමාජිකයන් සිට ඇති අතර, ඔවුන් නින්දට ගොස් සිටි අතරතුරේදී සිද්ධිය සිදු වී ඇති බවට සාක්ෂි ලැබී තිබෙන බව පොලිසිය වාර්තා කරයි.

මෙම මරණය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පොල්ගහවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න ජනක ප්‍රනාන්දු මහතා විසින් පවත්වා තිබේ.

නඩුවට එන්න එපා, ආවොත් මරනවා....ආරක්ෂාවට ඉන්න පොලිසියෙන්ම තර්ජන

නඩුවට එන්න එපා, ආවොත් මරනවා....ආරක්ෂාවට ඉන්න පොලිසියෙන්ම තර්ජන

ඒ අනුව පොල්ගහවෙල පොලිසිය වෙත පරීක්ෂණයේදී ලැබුණු සාක්ෂි සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විසින් මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බව සඳහන්.

පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතා විසින් සිදු කළ අතර එහි දී මෙම මරණය සියදිවි නසා ගැනීමක් බව ඔප්පු විය.

එසේම අඳාළ සිද්ධි‍ය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ පැවැත් වීමට නියමිතයි.