ඇමසන් වනාන්තරයෙන් ඇහෙන අලුත්ම ආරංචිය

United States of America France Amazon World Sinhala news
By Kaushi May 20, 2025 09:39 AM GMT
Kaushi

Kaushi

Report

විදෙස් මාධ්‍ය මඟින් ඇමසන් වනාන්තරයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ඉදිකිරීමට සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා කරයි.

ඒ අනුව මෙම ඉදි කිරීම ප්‍රංශය විසින් සිදු කරන බවට සඳහන් වේ.

රෙදි එනකම් බලන් ඉන්න වෙයිද ?

රෙදි එනකම් බලන් ඉන්න වෙයිද ?

එසේම මෙම අධි ආරක්ෂිත බන්ධනාගාරය නිර්මාණය කිරීමට ප්‍රංශය යටතේ පවතින දකුණු ඇමරිකානු රටක් වන ප්‍රංශ ගයානාවේ වයඹ දිග කලාපයේ පිහිටි ඇමසන් වනාන්තර කොටස තෝර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද පවසයි.

ඉදි කිරීමට සූදානම් වන මෙම අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියන් 500 දෙනෙකු රඳවා තැබීමට හැකි බව වාර්තා කරයි.

තව ද මෙය ඉදි කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අන්තවාදීන් රඳවා තැබීම සඳහා බව පවසයි.

පාර්ලිමේන්තුවේ මරාගනී ... උණුසුම් තත්ත්වයක්....අසරණ වූ කතානායක (VIDEO)

පාර්ලිමේන්තුවේ මරාගනී ... උණුසුම් තත්ත්වයක්....අසරණ වූ කතානායක (VIDEO)

ඒ අනුව 2028 වසර වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද වාර්තා වී තිබෙනවා.

ReeCha