නඩුවට එන්න එපා, ආවොත් මරනවා....ආරක්ෂාවට ඉන්න පොලිසියෙන්ම තර්ජන

Report

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට ඉදිරිපත් නොවන ලෙසට පැමිණිලිකාරියගේ නිවසට ගොස් මරණ තර්ජන සිදු කළ බවට පැමිණිල්ලක් ලැබුණු බව කොට්ටාව පොලිසිය ප්‍රකාශ කරයි.

ඇමසන් වනාන්තරයෙන් ඇහෙන අලුත්ම ආරංචිය

ඇමසන් වනාන්තරයෙන් ඇහෙන අලුත්ම ආරංචිය

ඒ අනුව අඳාළ පැමිණිල්ල පන්නිපිටිය රුක්මලේ පදිංචි හිටපු පෙර පාසල් ගුරු උපදේශිකාවක් විසින් සිදු කර ඇත.

මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ පොලිස් පරීක්ෂකවරියකට විරුද්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට ඉදිරිපත් නොවන ලෙසට තමන්ට මරණීය තර්ජන සිදු කළ බවයි.

අඳාළ පොලිස් පරීක්ෂකවරිය විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන සැමියා ද සමඟ මෙසේ පැමිණිලිකාරියගේ නිවසට ගොස් මරණීය තර්ජන සිදු කර ඇති බව පැමිණිල්ලේ තවදුරටත් සඳහන්.

අගමැතිනියට බය හිතෙන ඊ මේල් පණිවිඩයක්

අගමැතිනියට බය හිතෙන ඊ මේල් පණිවිඩයක්

මේ සම්බන්ධයෙන් පොලිසිය සඳහන් කළේ නාරාහේන්පිට පොලිස් රෝහලට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරියක් පැමිණිලිකාර හිටපු පෙර පාසල් ගුරු උපදේශිකාවට අපහාසයක් වන අයුරුරින් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පළ කිරීම පිළිබඳ පැමිණිලිකාර ගුරු උපදේශකවරිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බවයි.

එසේම මෙම මස 23 වන දින එම නඩුව නැවත කැඳවීමට ද නියමිතව තිබෙනවා.