තත්ත්වය නරකයි - යේමනයත් යුද්දෙට හවුල් වෙයි - ඊශ්‍රාලයට හූතින්ගෙන් දෙවැනි ප්‍රහාරයත් එල්ල වෙයි
හූති කැරළිකරුවන් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් දෙවන මිසයිල ප්‍රහාරයත් එල්ල කර ඇත. ඊයේ (28) වන තෙක් යේමන ඉතින හූති කැරළිකරුවන් මැද පෙරදිග යුද ගැටුමට සම්බන්ධ වූයේ නැත.
එහෙත් පළමුවරට ඊයේ දිනයේ දී ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ඔවුන් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මේ වනවිට විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ යළිත් වරක් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් තවත් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
ඒ අනුව දෙවන මිසයිල ප්‍රහාරයද සාර්ථකව හූති කැරළිකරුවන් විසින් එල්ල කල බව තහවුරු කර ඇත.
ඉදිරියේදී තවත් මිසයිල ප්‍රහාරයන්ට ඊශ්‍රායලය මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔවුන් අනතුරු අගවා ඇත.