සුළු මොහොතකට පෙර කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාර මාලාවක්
අද (28) දින විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කරගනිමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් එහි රේඩාර් පද්ධතියට දැඩි හානි සිදුව ඇති බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කළ බවයි.
රජයේ නිල පුවත් ඒජන්සිය වන KUNA පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරය හේතුවෙන් ගුවන්තොටුපළේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වන රේඩාර් පද්ධතියට සැලකිය යුතු හානියක් සිදුව ඇත.
නමුත් එම විදෙස් මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් මෙම ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවීමක් හෝ ජීවිත හානියක් වාර්තා වී නිමැති බවයි.