නුවරඑළියේ හෝටලයක් සහ තිහාරියේ කඩයක් ගිනි ගනියි

By Gagana News Mar 07, 2025 01:58 PM GMT
Report

නුවරඑළියේ සංචාරක හෝටලයේ ගබඩා කාමරයක් තුළ ඇති වූ ගින්නකින් එහි ගෘහ භාණ්ඩ ඇතුළු විදුලි උපකරණ රැසක් ගිනිගෙන විනාශවී තිබෙනවා.

ගින්නෙනක් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි, පොලිසිය සඳහන් කළේ. ගින්නෙන් සිදු වූ අලාභය ද මේ දක්වා තක්සේරු කර නොමැති බව සඳහන්. ගබඩා කාමරයට කිසිවෙකුත් ගිනි තැබුවේදී විදුලිය කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න සිදු වුණේ ද යන්න නුවරඑළිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේ පිහිටා තිබූ නාන කාමර උපාංග සහ ටයිල් අලෙවි කිරීමේ දෙමහල් ව්‍යාපාරික ස්ථානයක අද (07) පස්රුවේ ගින්නක් ඇති වුණා.

පාසල් දරුවන් 8ක් සමග ලිංගික ක්‍රියාවේ යෙදුනු ගණිත ගුරුවරයා... වැඩ වැරැද්ද ගනී

පාසල් දරුවන් 8ක් සමග ලිංගික ක්‍රියාවේ යෙදුනු ගණිත ගුරුවරයා... වැඩ වැරැද්ද ගනී

ඉන් එම ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුවී ඇති බවයි, පොලිසිය සඳහන් කළේ. වෙළඳසැලේ පිටුපසින් මෙම ගින්න ආරම්භ වී ඇති අතර ගිනිගන්නා අවස්ථාවේදී වෙළඳ සැල වසා තබා තිබූ බව සඳහන්. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගම්පහ නාගරික ගිනි නිවන හමුදාවේ රථ දෙකක් යොදවා තිබුණා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් ඊට හේතු වන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.