බීමත් පිරිසක් නිසා කොළඹ පාරේ උණුසුම් තත්ත්වයක්

Police
By Kanagasooriyam Apr 05, 2021 07:31 PM GMT
Kanagasooriyam

Kanagasooriyam

Report

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා රියදුරු සහ මොටර් රථයේ ගමන්ගත් තවත් තිදෙනෙක් පළාගොස් ඇති බව හැටන් පොලීසිය පවසනවා. නුවරඑළිය ට පැමිණි හොරණ ප්‍රදේශයේ සිව් දෙනෙක් ඊයේ (04) රාත්‍රී 11ට පමණ නුවරඑළියේ සිට හොරණ දක්වා එම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර ඔවුන් පැමිණි රථය ප්‍රපාතයකට තල්ලු කර පැනගොස් ඇති බව වාර්තා වනවා. හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදී බිමත්ව මෝටර් රථය ධාවනය කළ රියදුරා මෝටර් රථය ප්‍රධාන මාර්ගය හරහා නතරකර එම මාර්ගයේ ගමන් ගත් අනෙකුත් වාහනවලට බාධා කරමින් සිටි බවත්, මාර්ගය අවහිර විම නිසා එම මාර්ගයේ ගමන් ගත් රියදුරන් හා මෝටර් රථයේ රියදුරා අතර උණුසුම් තත්ත්වයක් ඇති වි තිබූ බවත් වාර්තා වනවා. එම රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වි තිබෙනවා.