13 දෙනෙක්ට මරු කැඳවමින් හොංකොංවල විශාල ගින්නක් - මහල් නිවාස 5ක් විනාශ වෙයි 700ක් ඉවතට
හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ විශාල ගින්නකින් ගිනිනිවන භටයකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව එම ගින්න වෑන් ෆුක් කෝට් නිවාස සංකීර්ණයේ ගොඩනැගිලි කිහිපයක පැතිර ගොස් ඇත.
ඒ අනුව නිලධාරීන් උපුටා දක්වමින් පළ වූ වාර්තා අනුව, මිනිසුන් නව දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊට අමතරව පදිංචිකරුවන් සහ ගිනි නිවන භටයන් ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කිරීමේදී තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මේ අතර පදිංචිකරුවන් 700 ක් පමණ තාවකාලික නවාතැන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදී ඉවත් කර කිරීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම තවත් පිරිසක් ගින්නට හසුවී ඇති බවට නිලධාරීන් අනතුරු අඟවයි. මේ අතර කොපමණ පිරිසක් තවමත් ඇතුළත සිටින්නේද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ඇස්තමේන්තුවක් ගිනි නිවන නිලධාරීන් සතුව නොමැති බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් වාර්තාවල දැක්වූයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් තිබූ මහල් 31 කින් යුත් කුළුණුවල බාහිරව සවි කර තිබූ උණ බටලින් තැනූ වටිනා (bamboo scaffolding) දිගේ ගින්න පැතිර ගොස් ඇති බවයි.
එසේම වීඩියෝ දර්ශන අනුව, අවම ලෙස එකිනෙකට සමීපව පිහිටි ගොඩනැගිලි පහක් ගින්නෙන් විනාශ වී ඇති බව ද පෙනෙන්නට ඇත.