මධුසමයට යන්න ගිය මනාලියට ඇගිල්ල තියන්න බැරිවී සිදුවූ ඉරණම..තරුණිය හඬා වැටෙමින් ඉල්ලූ දේ..

Bandaranaike International Airport Sri Lanka visa Wedding Austria
By Aruna Aug 14, 2024 12:35 AM GMT
Aruna

Aruna

Report

ගුවන් ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීමට යොදාගන්නා පාස්පොත් හිඟය නිසා ඇතිවූ පෝලිම් අස්සේ මධුසමයට යාමට නොහැකිවීමෙන් විවාහය දෙදරා යන්නට ගිය මනමාලියකගේ හා ලියුකේමියා රෝගයෙන් පෙළෙන දරුවා ප්‍රතිකාර සඳහා රැගෙන යාමට නොහැකි වූ පියකුගේ ශෝකාලාපයන් ආගමන විගමන කාර්යාලයෙන් වාර්තා වනවා.

ඔස්ට්‍රේලියානු ජාතිකයකු හා විවාහ ගිවිස ගෙන මධුසමය සඳහා ඔස්ට්‍රේලියාවට යාමට ටිකට් පවා වෙන්කර ගුවන් ගමන් බලපත්‍රය අලුත් කරගැනීමට පැමිණි මනමාලියකට බලාපොරොත්තු නොවූ පරිදි ගුවන් ගමන් බලපත්‍රය ගැනීමට නොහැකි වී ඇත.

ඇය ඔන්ලයින් අයැදුම් කර ඇඟිලි සලකුණු ලබාදීමට පැමිණි මොහොතේ ආගමන විගමන කාර්යාලයේ නිලධාරීන් ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි පැවසෙන්නේ.

මේෂ, මිථුන සහ ධනු ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් ලැබෙන ප්‍රතිඵලය දරුණුයි..

මේෂ, මිථුන සහ ධනු ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් ලැබෙන ප්‍රතිඵලය දරුණුයි..


නියමිත දිනට අනුව ගුවන් ටිකට් පත්‍ර වෙන්කරවාගෙන සැලසුම් කරගත් පරිදි මධුසමයට නොපැමිණෙන්නේ නම් දික්කසාද කරන බව ඔස්ට්‍රේලියානු ජාතිකයා ඒ මොහොතේ දැනුම් දීම නිසා අදාළ තරුණිය හඬා වැටෙමින් නිලධාරීන්ගේ සහාය ඉල්ලා සිටින අයුරු එහිදී දක්නට ලැබිණ.

ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පසුවන තම පුතු සැත්කමක් සඳහා රටකට රැගෙන යාමට ගුවන් ගමන් බලපත්‍ර සකස් කරගැනීමට පැමිණි පියකුත් තම දරුවාගේ ජීවිතය රැකගන්නට සහාය ඉල්ලා හඬා වැටෙන සංවේදී සිදුවීමක් එහිදී දැකගත හැකිවිය.

එම පියා ඉල්ලා සිටියේද තම මූලික අයිතිවාසිකමක් වන ගුවන් ගමන් බලපත්‍රය මුදල් ගෙවා ලබාගැනීමට අවස්ථාවක් සලසා දෙන ලෙසයි.

දිනකට වේලාවන් වෙන්කර නොගන්නා අයට ගුවන් ගමන් බලපත්‍ර හතළිහක් පමණක් නිකුත් කිරීමට පටන් ගැනීමත් සමග ගැටලු නිරාකරණය කරගැනීමට පත්කර ඇති ගමන් බලපත්‍ර පාලකවරයාත් තම පුටුවේ සිටීම මග හරිමින් සැඟවී සිටින බවයි එහිදී අනාවරණය වුණේ.

ජනතා විරෝධයෙන් ගැලවීමට තවත් නිලධාරියකු තමාට උරුම රැවුල පවා කපාගෙන සිටින බවයි වැඩිදුරටත් තොරතුරු හෙළිවුයේ.

ReeCha