2025 උසස් පෙළ පදනම් කරගත් විශ්වවිද්‍යාල ප්‍රවේශය අභියාචනා මත තේරී පත් වූවන්ගේ ලියාපදිංචි කිරීම් අරඹයි - අවසන් දිනය මෙන්න

By Kanchana Oct 31, 2026 04:02 AM GMT
Report

 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා (2025 අ.පො.ස. උසස් පෙළ විභාගය පදනම් කරගනිමින්) අභියාචනා සහ 3 වන අදියරේ පුරප්පාඩු පිරවීම යටතේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 2026 නොවැම්බර් 4 වන දින වේ.

2025/2026 විශ්වවිද්‍යාල ප්‍රවේශය: තේරීම් ලිපිය බාගත කරගෙන ලියාපදිංචි වන්නේ මෙහෙමයි .

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ අයදුම්කරුවන්ට සිය තේරීම් ලිපිය (Letter of Selection) අන්තර්ජාලය ඔස්සේ බාගත කර ගැනීමටත්, තේරී පත්වූ පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය සඳහා මාර්ගගතව ලියාපදිංචි වීමටත් පහසුකම් සලසා තිබේ.

ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) නිල වෙබ් අඩවිය ඔස්සේ පහත පියවර අනුගමනය කළ යුතුය. 1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීම පළමුව www.ugc.ac.lk යන නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

එහි 'University Registrations 2025/2026' යන කොටස වෙත යොමු වන්න.

ඔබ මීට පෙර තේරීම් ලිපිය, උපලේඛනය ඇතුළත් ඇමුණුම් අංක 1 සහ මාර්ගගත ලියාපදිංචිය සඳහා අවශ්‍ය උපදෙස් ඇතුළත් ඇමුණුම් අංක 2 බාගත කරගෙන තිබේ නම්, එම කොටසෙහි ඇති 'To directly proceed to registration' යන දිගුව තෝරන්න.

එහෙත්, ඔබ තවමත් තේරීම් ලිපිය හෝ අදාළ අනෙකුත් ලේඛන බාගත කරගෙන නොමැති නම්, 'To download the Letter of Selection & proceed to registration' යන දිගුව තෝරන්න. 2. සෘජුවම ලියාපදිංචි වීමේ පද්ධතියට පිවිසීම ඔබ දැනටමත් අවශ්‍ය ලේඛන බාගත කරගෙන තිබේ නම්,

ඇමුණුම් අංක 2 හි සඳහන් උපදෙස් අනුව ඉදිරි ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කළ හැකිය.

3. තේරීම් ලිපිය බාගත කර ගැනීම 'To download the Letter of Selection & proceed to registration' යන දිගුව තෝරාගත් පසු ඔබට පිවිසුම් පිටුව (Login Page) දිස්වනු ඇත. එහිදී පහත පියවර අනුගමනය කරන්න.

පළමු පියවර – ගිණුමට පිවිසීම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කිරීමේදී ඔබ නිර්මාණය කළ ගිණුමේ පරිශීලක නාමය (User ID) සහ මුරපදය (Password) ඇතුළත් කරන්න.

ඔබගේ User ID අංකය ලෙස භාවිත වන්නේ ගිණුම නිර්මාණය කිරීමේදී ලබාදුන් විද්‍යුත් තැපැල් ලිපිනයයි. මුරපදය අමතක වී ඇත්නම් 'Forgot Password' යන දිගුව භාවිත කර නව මුරපදයක් සකස් කරගත හැකිය. අනතුරුව 'Login' බොත්තම ඔබන්න.

දෙවන පියවර – අනන්‍යතාව තහවුරු කිරීම ඉන්පසු 'Verify Your Identity' යන පිටුව දිස්වනු ඇත. එහිදී ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා පහත තොරතුරු සම්පූර්ණ කළ යුතුය. Your NIC: මාර්ගගත අයදුම්පතෙහි සඳහන් කළ ජාතික හැඳුනුම්පත් අංකයේ මුල් ඉලක්කම් කිහිපයක් මෙහි දිස්වනු ඇත.

ඉතිරි ඉලක්කම් සහ අදාළ නම් ඉංග්‍රීසි අකුර ද ඇතුළත් කර අංකය සම්පූර්ණ කරන්න. අයදුම්පතෙහි ජාතික හැඳුනුම්පත් අංකයක් ඇතුළත් කර නොමැති නම් මෙම කොටස දිස් නොවේ.

Your Mobile Number: අයදුම්පතෙහි සඳහන් කළ ජංගම දුරකථන අංකයේ මුල් ඉලක්කම් හය මෙහි දිස්වනු ඇත.

ඉතිරි ඉලක්කම් හතර ඇතුළත් කරන්න.

Your Email Address: විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා ඔබ භාවිත කළ විද්‍යුත් තැපැල් ලිපිනය මෙහි දිස්වනු ඇත. අදාළ තොරතුරු සම්පූර්ණ කළ පසු 'Submit' බොත්තම ඔබන්න.

විශේෂයෙන් සැලකිය යුතුයි: ඔබ අයදුම්පතෙහි සඳහන් කළ ජංගම දුරකථන අංකය හෝ විද්‍යුත් තැපැල් ගිණුම මේ වන විට භාවිතයේ නොමැති නම් හෝ අක්‍රිය වී ඇත්නම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ සඳහන් දුරකථන අංක ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අංශය අමතන්න.

4. OTP කේතය ලබාගෙන අනන්‍යතාව තහවුරු කිරීම ඉහත පියවර සම්පූර්ණ කළ පසු 'OTP Verification' යන පිටුව දිස්වනු ඇත. එහිදී ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුමට යොමු කරන ලද දිගුවක් (Link) භාවිත කර OTP කේතය ලබාගත යුතුය. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න. '

OTP Verification' පිටුවේ දිස්වන උපදෙස් අනුව ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුමට පිවිසෙන්න. එහි Inbox වෙත ගොස් විශ්වවිද්‍යාල ප්‍රවේශ දෙපාර්තමේන්තුව විසින් එවා ඇති විද්‍යුත් තැපැල් පණිවිඩය විවෘත කරන්න.

එහි ඇති 'Please click here to generate otp' යන දිගුව ඔබන්න. අනතුරුව ඔබ මීට පෙර තහවුරු කළ ජංගම දුරකථන අංකයට OTP කේතයක් කෙටි පණිවුඩයක් මගින් ලැබෙනු ඇත. එම කේතය 'OTP Verification' පිටුවේ ඇති 'SMS Code' යන කොටුවට ඇතුළත් කර 'Submit' බොත්තම ඔබන්න.

5. තේරීම් ලිපිය සහ අනෙකුත් ලේඛන බාගත කිරීම OTP කේතය සාර්ථකව තහවුරු කිරීමෙන් අනතුරුව 'Selection Letters' යන පිටුවට යොමු කෙරෙනු ඇත. එම පිටුවෙහි දැනට ලියාපදිංචිය සඳහා විවෘතව ඇති ඔබ තේරී පත්වූ පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු දිස්වනු ඇත.

එමෙන්ම, අදාළ තේරීම් ලිපිය සහ ලියාපදිංචියට අවශ්‍ය අනෙකුත් ලේඛන තනි ගොනුවක් (File) ලෙස බාගත කර ගැනීම සඳහා දිගුවක් ද ලබාදී තිබේ. එම දිගුව භාවිත කර ඔබට අදාළ තේරීම් ලිපිය සහ අනෙකුත් සියලුම ලේඛන බාගත කරගන්න.

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

වැදගත් කරුණු කිහිපයක් තේරීම් ලිපිය සහ අනෙකුත් ලේඛන බාගත කිරීමට පෙර ඔබ පද්ධතියෙන් ඉවත් වුවහොත් (Log Out), නැවත 'Selection Letters' පිටුවට පිවිසීම සඳහා ඉහත පළමු පියවරේ සිට හයවන පියවර දක්වා වූ ක්‍රියාවලිය යළි අනුගමනය කිරීමට සිදුවේ.

එහෙත්, අදාළ ලේඛන සියල්ල බාගත කරගෙන පසුව ලියාපදිංචිය සම්පූර්ණ කිරීම සඳහා පද්ධතියෙන් ඉවත් වුවහොත්, නැවත OTP තහවුරු කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට අවශ්‍ය නොවේ.

එවැනි අවස්ථාවකදී UGC නිල වෙබ් අඩවියේ 'University Registrations 2025/2026' කොටසට පිවිස 'To directly proceed to registration' යන දිගුව භාවිත කර සෘජුවම ලියාපදිංචි කිරීමේ පද්ධතියට පිවිසිය හැකිය.

6. ලියාපදිංචිය සම්පූර්ණ කිරීම තේරීම් ලිපිය සහ අනෙකුත් ලේඛන බාගත කරගත් පසු ඒවායේ සඳහන් සියලු තොරතුරු සහ උපදෙස් හොඳින් කියවා අවබෝධ කරගන්න. අනතුරුව 'Selection Letters' පිටුවේ ඇති 'Click here to go to the Registration System' යන බොත්තම ඔබන්න.

හෝර්මූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැවකට බෝම්බ ප්‍රහාරයක් - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල මාරාන්තික ලෙස ඉහළට

හෝර්මූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැවකට බෝම්බ ප්‍රහාරයක් - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල මාරාන්තික ලෙස ඉහළට

එවිට ඔබ මාර්ගගත ලියාපදිංචි කිරීමේ පද්ධතිය වෙත යොමු කෙරෙනු ඇත. එහිදී ඔබ බාගත කරගත් ඇමුණුම් අංක 2 හි සඳහන් උපදෙස් නිවැරදිව අනුගමනය කරමින්, තේරී පත්වූ පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය සඳහා වන ලියාපදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණ කරන්න.

සෘජුවම ලියාපදිංචිය වෙත යාමට -https://registration.ugc.ac.lk/#/

තේරී පත්වීමේ ලිපිය බාගත කිරීමට සහ ලියාපදිංචි වීමේ කටයුතු ඉදිරියට ගෙන යාමට- https://admission.ugc.ac.lk/selection-letter/#/

මේ ලග්න හිමියන්ට අද ඕනෑම කටයුත්තක් සුබම සුබ වෙද්දි මේ ලග්නවලට අසුබ අනාවැකි රැසක් - දවසේ පලාපල

මේ ලග්න හිමියන්ට අද ඕනෑම කටයුත්තක් සුබම සුබ වෙද්දි මේ ලග්නවලට අසුබ අනාවැකි රැසක් - දවසේ පලාපල