විදේශගතව සිට මෙරටට පැමිණි දෙදෙනෙක්ට HIV ආසාදනය වෙලා..

Report

ඊයේ (11) වවුනියාව මහ රෝහලේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වල දී එච්.අයි. වී (HIV ) වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු හමු වී ඇත.

ඔවුන් විදේශ රටවල සිට වවුනියවට පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ය.

මේ අතර එම වෛද්‍ය පරීක්ෂණ වලින් පසුව ඔවුන් රෝහලේ එච්.අයි.වී. සායනය වෙත යොමුකර ඇත.

කෙසේවෙතත්, 2003 වසරේ සිට මේ දක්වා වවුනියාව රෝහලෙන් එච්.අයි. වී (HIV ) වෛරසය ශරීරගත වූ පුද්ගලයින් තිස් දෙදෙනෙකු හමු වී තිබෙනවා.

එම සියලු රෝගීන් ඔවුන් රෝහලේ වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.