මුස්ලිම් හෙදියන්ගේ ඇදුම ගැන ගලගොඩඅත්තේ ඥානසාර හිමි කතා කරයි
හිජාබය පැළඳ හෝ මුස්ලිම් තරුණියන්ට හෙද සේවයට පැමිණීමට ඉඩ ලබාදිය යුතු බව, බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා ඇත.
ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කිරීමට පමණක් විරුද්ධ විය යුතු බවයි.
පසුගිය දිනක මුස්ලිම් ජාතික හෙදියන්ට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට නීතියෙන් කිසිදු බාධාවක් නැති බව තීරණය විය.
විදේශ කටයුතු හා විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් මුස්ලිම් සිවිල් සංවිධාන නායකයන් සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
එහිදී ඇමැති විජිත හේරත් මහතා සදහන් කර ඇත්තේ , මුස්ලිම් ජාතික හෙදියන්ට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට නීතියෙන් කිසිදු බාධාවක් නැති බවයි. කවුරුන් හෝ එය ඇඳීමට විරෝධය පළ කළහොත් ඒ පිළිබද තමා දැනුවත් කරන ලෙසයි.