අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිනිගනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස, ජඳුර ප්‍රදේශයේ දී අද (14) පෙරවරුවේ මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී ඇත.
ඒ අනුව ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් මෙලෙස හදිසියේ ගිනි ගෙන ඇති බව සදහන් වේ .
එම රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ දී එහි රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙක් සිට ඇත.
රථය ගිනි ගන්නා බව දැනගත් විගස රථය නවතා ඔවුන් ඉන් පිටතට පැමිණ තිබේ.
ඒ නිසා මෙම රථයේ ගමන් කළ කිසිවෙකුටවත් හානියක් සිදුවී නොමැත.
තවද අඟුණකොළපැලැස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.